The-American-ambassador-asks-the-commissioner-about-holding-elections

මෙරට අමෙරිකානු තානාපතිනිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී  ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසූ බව වාර්තාවේ.
 මැතිවරණ පැවැත්වීමේ දී මතුව ඇති ගැටලුකාරී තත්වයන් සම්බන්ධයෙන් ද ඇය මැතිවරණ කොමිසමෙන් කරුණු විමසා තිබෙන අතර මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ.එල්. රත්නායක මහතා පවසා ඇත්තේ ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බවයි.



මේ අතර පසුගිය දින කිහිපයේදී යුරෝපා කොමිසමේ තානාපතිවරුන් එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් ද මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමු වී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සිදුකළ මැතිවරණ කල් දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් දේශපාලන ලෝකය තුළ ඇතිවූ කථාබහත් සමග මෙම කරුණු විමසීම සිදුව ඇතැයි වාර්තා විය.
ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය මේ ගැන එක්ස් සටහනක්ද බෙදාගෙන තිබුණි.