ඉරාන ජනාධිපති Ebrahim Raisi සහ විදේශ අමාත්‍ය Hossein Amir-Abdullahian ජීවිතක්ෂයට පත් වූ හෙලිකොප්ටරයේ ට්‍රාන්ස්පොන්ඩරයක් සවි කර නොතිබීම හෝ ක්‍රියා විරහිත කර තිබූ බව සුන්බුන් සොයා ගත් තුර්කි ගලවා ගැනීමේ කණ්ඩායම විසින් කරන ලද මූලික පරීක්ෂණයකට අනුව හෙළිව තිබේ.
තුර්කි ප්‍රවාහන අමාත්‍ය Abdulkadir Uraloğlu වාර්තාකරුවන්ට පැවසුවේ, අනතුර පිළිබඳ පුවත ඇසූ තුර්කි බලධාරීන්, යානය ගමන් කරන උස සහ ස්ථාන තොරතුරු විකාශනය කරන හෙලිකොප්ටරයේ ට්‍රාන්ස්පොන්ඩරයෙන් සංඥාවක් පරීක්ෂා කර ඇති බවයි. "නමුත් අවාසනාවන්ත ලෙස, ට්‍රාන්ස්පොන්ඩර් පද්ධතිය ක්‍රියා විරහිත කර හෝ හෙලිකොප්ටරයේ එකක් නොතිබූ බව හඳුනාගන්නට ලැබුණා" ඔහු පැවසීය.
පැරණි බෙල් 212 හෙලිකොප්ටර් යාත්‍රාව නඩත්තු කිරීම පිළිබඳ ගැටලු මතුව පැවතී ඇති අතර ඇමරිකාවේ සහය නොලැබීම නිසා අමතර කොටස් නොමැතිව පැවති යානයකි. ඉරාන රජයට එහි නායකයින් සඳහා රුසියානු හෙලිකොප්ටර් දෙකක් මිලදී ගන්නා ලෙස නිලධාරීන් විසින් මින් පෙර සංදේශයක් ලබාදී තිබූ බවටද කරුණු හෙලි විය.
හිටපු විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් ජාවඩ් සරීෆ්, එක්සත් ජනපද සම්බාධකවලට දොස් පැවරුවේ, ඇණිය සඳහා අමතර කොටස් මිලදී ගැනීම දුෂ්කර කරවූ බවට චෝදනා කරමිනි.
කඩා වැටීම “ඉරාන ජාතියට එරෙහි ඇමරිකානු අපරාධ පිළිබඳ අසාදු ලේඛනයේ සටහන් වනු ඇති” බව ඔහු පැවසීය.
අනතුරට ලක්වූ හෙලිකොප්ටරය පුද්ගලයන් 15 දෙනෙකු රැගෙන යා හැකි තල දෙකකින් යුත් බෙල් 212 ගුවන් යානයකි.
විමර්ශන කණ්ඩායමක් දැනටමත් නැගෙනහිර අසර්බයිජාන් පළාතේ අනතුර සිදු වූ ස්ථානයට පැමිණ ඇති අතර, පියාසර කිරීමට තීරණය කිරීමට පෙර කාලගුණ පරීක්ෂාවන් සිදු කළේ දැයි පරීක්ෂා කරනු ඇත. කණ්ඩායමේ සිටි අනෙක් හෙලිකොප්ටර් යානා දෙක නිරුපද්‍රිතව ගමන අවසන් කර ඇති අතර කඩාකප්පල්කාරී ක්‍රියාවක් සම්බන්ධයෙන් මෙතෙක් බරපතළ සොයාගැනීමක් නැත.
මෙය මිසයිල ප්‍රහාරයක් නිසා සිද්ධවූ බවට ඇතැම් මාධ්‍ය අනුමාන පුවත් පළ කර ඇතිමුත් ප්‍රධාන ධාරාවේ විදෙස් මාධ්‍ය කිසිවක එවැන්නක් තහවුරු කර නැත.
0 Comments