මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික යූටියුබ් ක්‍රියාකාරිනියකගේ වටිනා උපකරණ සහිත ගමන් මල්ල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබේ. මෙම ගමන් මල්ලේ ඇමරිකානු ඩොලර් 20000 ක පමණ වටිනාකමින් යුතු ලැප්ටොප් පරිගණකයක්, කැමරාවක්, බැංකු කාඩ්පත් හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රයද තිබී ඇත.
'Under The Same Sky' නමින් නාලිකාවක් පවත්වා යමින් ලොව පුරා සංචාරක ස්ථාන ගැන වාර්තා නිර්මාණය කරන්නියක වන ස්කයිබ් නකෝමන් නමැති ඇය රටවල් 37කට පමණ සංචාරය කර ඇති තැනැත්තියකි.

ලංකාවේ මුලින්ම ඇල්ල වෙත ගොස් වීඩියෝවක් නිර්මාණය කිරීමට ඇය සූදානම්ව පසුගිය 24 වැනිදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ගොස් තිබෙන නමුත්  අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ධාවනය අවලංගු කර තිබූ  නිසා
බැස්ටියන් මාවතේ නවතා තිබූ බස් රථයක නැගී ඇල්ල වෙත යාමට තීරණය කර තිබේ.

බස් රථයෙන් ඇල්ල ප්‍රදේශයට යමින් සිටියදී එම බස් රථයේම ගමන් ගත් දෙදෙනකු ඇගේ ගමන් මල්ල සොරාගෙන ගොස් ඇති බව විමර්ශන අනුව පොලිසිය පවසයි.
බස් රථය දුර ගමන් සඳහා යොදවා තිබුණ ස‍ුඛෝපභෝගී එකක් වූ අතර එහි සීසීටීවී පවා සවිකර තිබුණි. සොරකම සිදුවූ පසුව සීසීටීවී පරීක්ෂාවේදී සැකකටයුතු දෙන්නාගේ දර්ශනද සොයාගන්නට හැකිවී ඇත.
පොලිසිය මොවුන් ගැන පරීක්ෂණ කරන අතර තවම හමුවී නැත.
සොරුන් සොයා දෙන අයට ඩොලර් 5000ක (රුපියල් ලක්ෂ 15කට ආසන්න) ත්‍යාගයක් ලබාදෙන ඇය පවසා තිබේ.