al-results-out-galle-pahanma-chrath

 2023 අපොස උ/පෙළ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැර තිබේ.
ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.
උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ.


ඒ අනුව

  • ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය - ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා
  • භෞතික විද්‍යා අංශයෙන් පළමු ස්ථානය - කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ
  • වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානය - පානදුර බාලිකා මහා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා
  • කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය - ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ
  • ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය - ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ ශෙහානි නවෝද්‍යා මුල්විලගේ
  • ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය  - ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කිරුලු සිහිල්දිය පල්ලියගුරු

තවත් ප්‍රතිඵල  ස්ථාන දිනූවන් සහිත විභාගයේ ප්‍රතිඵල ගැන විභාග දෙපාර්තමේන්තුවේ නිවේදනය පහතින්.