avissawella-man-death-rhief

අවි­ස්සා­වේල්ල, උක්වත්ත, හත­ර­වන පටු­මග ප්‍රදේ­ශයේ නි‍ව­සක් අසල තිබී අඩි විස්ස­කට වැඩි උස් තාප්ප­ය­කින් වැටී මිය­ගිය බවට සැක කරන පුද්ග­ල­ය­කුගේ මළ සිරු­රක් හමු වූ බව අවි­ස්සා­වේල්ල මූල­ස්ථාන පොලි­සිය පව­සයි.

මෙලෙස මිය­ගොස් ඇත්තේ අවි­ස්සා­වේල්ල, පෙන්රි­ක්වත්ත ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන වී. සිව­කු­මාර් නමැති 42 හැවි­රිදි අවි­වා­හක පුද්ග­ල­යෙකි.



මිය­ගොස් සිටි පුද්ග­ලයා උක්වත්ත හත­ර­වන පටු­මග ප්‍රදේ­ශයේ නි‍ෙව­ස­කට රාත්‍රි කාල­යේදී සොරෙන් ඇතුළු වී සිටි­යදී එම නි‍ෙවසේ නිදා සිටි හිමි­ක­රු­වන් අව­දි­වීම නිසා එක්ව­රම මොහු නි‍ෙව­සින් පලා ගොස් ඇති බවත් එලෙස පලා යන අව­ස්ථා­වේදී ගස­කට නැග අදාළ තාප්පය මතට නැග එම තාප්ප­යෙන් වැටීම නිසා­වෙන් මෙම මර­ණය සිදුව ඇති බවත් සිදු­කළ මූලික විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වූ බවද පොලි­සිය පව­සයි. අදාළ මර­ණ­ක­රුගේ දේහය ඥාතීන් පැමිණ හඳු­නා­ගෙන ඇත. සිද්ධිය වූ ස්ථාන­යට පැමිණි අවි­ස්සා­වේල්ල වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් රත්නා­යක මහතා විසින් මූලික මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂණ කට­යුතු සිදු කරනු ලැබූ අතර අද (18) දින අවි­ස්සා­වේල්ල මූලික රෝහලේ දී පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කරන ලෙස එහිදී නියෝග කළේය.



සීතා­වක පොලිස් බල­ප්‍ර­දේ­ශයේ අප­රාධ ස්ථාන පරී­ක්ෂණ නිල­ධා­රීන් පැමිණ මූලික පරී­ක්ෂණ කට­යුතු සිදු කළ අතර, අවි­ස්සා­වේල්ල මූල­ස්ථාන පොලි­සියේ අප­රාධ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක උපුල් පෙරේරා මහතා ඇතුළු නිල­ධා­රීහු වැඩි­දුර පරී­ක්ෂණ පැවැ­ත්වූහ.

මීගොඩ - බී.කේ. කත්‍රි­ආ­රච්චි