belideniya-incident

වසර දෙකක පමණ කාලයක සිට තම 16 හැවිරිදි නෑනා අපයෝජනය කරමින් ඇය ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත් පසු ඊට විරුද්ධ වී ඇයගේ නිරුවත් දර්ශන එම පෙම්වතාට යවා අන්තර්ජාලයට මුදා හළ බව කියන කපුවෙකු බෙලිදෙණිය ප්‍රදේශයේ දී සැක පිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කරයි.

බෙලිදෙණියේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.එම සිසුවියගේ වැඩිමහල් සහෝදරිය සමග සැකකරු විවාහ වී සිටින අතර ඔහු දේවාලයක් පවත්වාගෙන ගොස් තිබේ.



ඒ අතරතුරදී මීට වසර දෙකකට පෙර සිට බාල වයස්කාර නැගණිය කෙළෙසා ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ ගත කර තිබෙන බව කියති. දිගින් දිගටම ඔහුගෙන් බේරීමට නොහැකි වු තැන දැරිය තම මිත්තණියට ඒ බව පවසා දික්වැල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබුණද සාධාරණයක් ඉටු වී නොමැති බව කියති.මේ වන විට 16 හැවිරිදි වයසේ පසුවන දැරිය තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බවත් ඒ බව දැන ගත් සැකකාර මස්සිනා මීට පෙර ඔහු විසින් ලබා ගෙන තිබු දැරියගේ නිරුවත් දර්ශන එම පෙම්වතාට හා අන්තර්ජාලයට මුදා හැර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.ඒ ගැන පැමිණිලි කීරීමට ද දික්වැල්ල පොලීසියට ගිය විට එය අන්තර්ජාල අපරාධයක් බැවින් ආපසු හරවා එවා තිබෙන බව කියති.



පසුව එම දැරිය මිත්තණිය සමග මාතර ජ්‍යෙෂ්ඨ පොලීස් අධිකාර් පණ්ඩුල වීරසිංහ මහතා හමුවී පැමිණිලි කිරීමෙන් පසු ඒ මහතා විසින් විමර්ශන කටයුතු ප්‍රධාන පොලීස් පරික්ෂිකා වරුනී කොශලා බෝගහවත්ත මහත්මියට භාර දී ඇත.ඒ අනුව ඇය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු සැක පිට අත්අඩංගුවට ගෙන නිරුවත් දර්ශන ඇතුළත් ජංගම දුරකථනය ද පොලීසිය භාරයට ගනු ලැබ තිබේ. මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
ක්‍රිෂාන් ජීවක ජයරුක්