Hindu-wife-Gauris-speech-about-Muslim-Shahrukhs-religion-has-stirred-Indian-social-media

පසුගියදා අයිපීඑල් තරගයක් නරඹන අතර රෝගීවූ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහලෙන් පිටව ගොස් නිවසට පැමිණ ඇත. අහමදාබාද්හිදී තම කණ්ඩායමට ඔල්වරසන් දීමට ගිය නළුවා හදිසියේ රෝගාතුර විය.
පසුගියදා ස්ටාර් ස්පෝර්ට්ස් සමඟ සංවාදයකට එක්වෙමින් ෂාරුක් ඛාන් ක්‍රීඩාවට ඇති ආදරය ගැන කතා කරමින් කීවේ - මට කවදත් අවශ්‍ය වුණේ ක්‍රීඩකයෙක් වෙන්න. ඇත්තම කිව්වොත් මට කවදාවත් නළුවෙක් වෙන්න ඕන වුණේ නැහැ. මම මේක හැමදාම කිව්වා... ලෙසිනි.

තමන් කඩුලු රකින ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ නමුත් ආබාධයක් හේතුවෙන් තමාට මෙම ස්ථානයෙන් ඉවත් වීමට සිදුවූ බවද ඔහු අනාවරණය කළා. තරගය අතරතුරදී ඒ කාලයේ තමා ආබාධයකට ලක් වූ බව ඔහු කියා සිටියා. ඔහුට ප්‍රතිකාර කිරීමට මුදල් තිබුණේ නැත. ඒ කාලය තුළ සෑම දෙයක්ම එතරම් පහසු නොවූ බව ෂාරුක් පැවසීය. ඔහු කීවේ මට නිතරම ක්‍රීඩාවෙන් යමක් කරන්න අවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, ෂාරුක් ඛාන්ගේ ක්‍රීඩාවට ඇති ඇල්ම ඔහු IPL තරඟාවලියේදී KKR කණ්ඩායමට ඔල්වරසන් දෙන ආකාරයෙන් පැහැදිලිව පෙනේ.

මෙවර අයිපීඑල් කුසලානය දිනාගැනීමටද එම කන්ඩායම සමත්විය.

මේ දිනවල ෂාරුක් ගැන සමාජ මාධ්‍ය විවිධ අදහස් පළ කරන අතරේ
ෂාරුක් ඛාන්ගේ බිරිඳ ගෞරි Koffee with Karan වැඩසටහනේදී කළ ප්‍රකාශයක් ඉන්දියානු සමාජ මාධ්‍ය කළඹා තිබේ. හින්දු ජාතික කාන්තාවක වන ඇය මුස්ලිම් ජාතික ෂාරුක් ගැන ඇය ප්‍රකාශ කර තිබුණේ තමන් ෂාරුක් ඛාන්ගේ ආගමට ගරු කරන බවයි. නමුත් ඇය මුස්ලිම් ආගමට හැරෙන බව මින් අදහස් නොවන බවද ඒ සමගම කියා තිබේ. එය ෂාරුක්ට තේරෙන බවත් ඔහු තම ආගමට ද ගරු කරන බවත් ඇය පැවසුවාය.

ගෞරිගේ මෙම ප්‍රකාශය දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා තුළ වේගයෙන් පැතිර යන නමුත් මෙම වීඩියෝව 2005 වසරේ, ගෞරි, නළු රිතික් රෝෂන් සහ ඔහුගේ බිරිඳ සුසෑන් ඛාන් සමඟ වැඩසටහනට ආරාධිතයෙකු ලෙස පැමිණි අවස්ථාවේ වීඩියෝවක් බව බොහෝ දෙනෙකු දැන සිටියේ නැත.

ෂාරුක් ඛාන් සහ ගෞරි විවාහ වූයේ 1991 ඔක්තෝබර් 25 වැනිදාය. ශාරුක් මුස්ලිම් නිසා මුලින් ගෞරිගේ පවුලේ අය මේ විවාහයට විරුද්ධ වු බවට මාධය වාර්තා තිබුණි. කෙසේ වෙතත් පසුව ඇගේ පවුලේ අය ෂාරුක්ව පිළිගත් අතර විවාහයෙන් පසු ෂාරුක් සහ ගෞරි පුතු ආර්යන්, දියණිය සුහානා සහ පුත් ආබ්‍රම්ගේ දෙමාපියෝ බවට පත් වූහ.


"පැහැදිලිවම ෂාරුක් මගේ ආගමට අපහාස කරන්නේ නැහැ වගේ කාගේවත් ආගමට අපහාස නොකළ යුතුයි." ඇය වැඩසටහනේදී කියයි.

කලකට පෙර ෂාරුක් ඛාන් ඩාන්ස් ප්ලස් 5 රියැලිටි වැඩසටහනට පෙනී සිට පවසා තිබුණේ - "අපි (ගෞරි සහ ඔහු) කිසිදා හින්දු-මුස්ලිම් ගැන කතා කළේ නැත. මගේ බිරිඳ හින්දු, මම මුස්ලිම්, මගේ දරුවන් හින්දුස්ථානි. ළමයි ඉස්කෝලේ යන්න පටන් ගත්තම එතන තියෙන ෆෝම් එක පුරවන්න සිද්ධ වුණා එයාලගේ ආගම මොකක්ද කියලා. ඒ කාලේ දුව ගොඩක් පොඩියි. එයා මගේ ළඟට ඇවිත් ඇහුවා අපේ ආගම මොකක්ද කියලා. මේකේ මම කිව්වේ අපි ඉන්දියන් කාරයෝ අපිට වෙනම ආගමක් නෑ කියලා. " ලෙසිනි.