matheesha-pathirana

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ සේවය ලබාගැනීම සඳහා ඇමරිකානු ඩොලරි 120,000 ක මුදලක් වැය කිරීමට කලම්බු ස්ට්‍රයිකරිස් කණ්ඩායම ඉදිරිපත් විය. එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයකු මිලදීගැනීම –s කණ්ඩායමක් වැය කළ ඉහළම මුදල ලෙස එය වාර්තා අතරට එක් වූ අතර එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක් පමණ විය. මතීෂගේ සේවය මිලදී ගැනීම සඳහා ගෝල් මාවලස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර කරට කර තරගයක් පැවැති අතර අවසානයේ ඉන් ගෝල් මාවලස් කණ්ඩායම ජයගත්තේය. කෙසේ වුවත් ඉන් අනතුරුව විරයිට් ටු මැච්' අවස්ථාව ලබාගනිමින් කලම්බු කණ්ඩායම අදාල මුදල ගෙවා මතීෂගේ සේවය සිය කණ්ඩායම වෙත මිලදී ගත්තේය.



‘රයිට් ටු මැච්’ අවස්ථාව යනු ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී තම කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයකු මෙවර වෙන්දේසියේදී කුමන මිලකට, කුමන කණ්ඩායමකට අලෙවි වුවත් එම මුදල ගෙවා අදාල ක්‍රීඩකයා යළිත් තම කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට ලබාදී ඇති අවස්ථාවයි. සෑම කණ්ඩායමකටම වෙන්දේසියේදී මෙම අවස්ථාව එක්වරකදී පමණක් භාවිත කළ හැකිය. මතීෂගෙන් පසුව ක්‍රීඩක වෙන්දේසියේදී ඇමරිකානු ඩොලර් ලක්ෂය ඉක්මවූ එකම ක්‍රීඩකයා වූයේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානය. ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් ගෙවමින් ඔහු තම කණ්ඩායමට ඇතුළත් කරගැනීමට ගෝල් මාවලස් කණ්ඩායමේ හිමිකරුවෝ ඉදිරිපත් වූහ. එම මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 3 ක පමණ අගයක් ගත්තේය.

වෙන්දේසියේදී තෙවැනි වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානයකය. ඔහුගේ සේවය ඇමරිකානු ඩොලර් 85,000 ක මුදලකට ලබාගැනීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම ඉදිරිපත් වූ අතර එම මුදලේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි පනස්පන් ලක්ෂයක් පමණ විය. බිනුර ප්‍රනාන්දුගේ සේවය

ඇමරිකානු ඩොලර් 55,000 කට (රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයකට) මිලදී ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඉදිරිපත් වෙද්දී, ධනංජය ද සිල්වා ජැනා කිංග්ස් කණ්ඩායමටත්, දුනිත් වෙල්ලාලගේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමටත්, පැතුම් නිස්සංක ජැග්නා කිංග්ස් කණ්ඩායමටත් අලෙවි වූයේ ඇමරිකානු ඩොලර් 50,000 ක (රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට) මුදලකටය.

වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා වූයේ ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩක කරිම් ජනට්ය. ඇමරිකානු ඩොලර් 80,000 මුදලක් ගෙවමින් ඔහුගේ සේවය මිලදී ගනු ලැබුවේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනි. දකුණු අප්‍රිකානු ක්‍රීඩක රිලී රූසොව් ඇමරිකානු ඩොලර් 60,000 මුදලකට ජැග්නා කිංග්ස් කණ්ඩායමට අලෙවි විය.බංග්ලාදේශ ක්‍රීඩක ටස්කින් අහමඩ් (කලම්බු ස්ට්‍රයිකර්ස්), පාකිස්තාන ඉෆ්රිකාර් අහමඩ් (දඹුල්ල තන්ඩර්ස්), ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජේසන් බෙරන්ඩොෆ් (ජැග්නා කිංග්ස්) සහ ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩක හස්රතුල්ලා සසායි (දඹුල්ල තන්ඩර්ස්), පාකිස්තාන ක්‍රීඩක අසාම් ඛාන් (බී-ලව් කැන්ඩි), ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩක මුජිබුර් රහමන් (ගෝල් මාවලස්) වෙන්දේසියේදී ඇමරිකානු ඩොලර් 50,000 බැගින් වූ මුදලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයෝ වූහ.

ශානුක අරවින්ද