එළැඹෙන වෙසක් උත්සවය අරමුණු කර ගනිමින් ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත තැබීමට තීරණය කර තිබේ.
ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (22) දින සිට ලබාගත හැකිය.
- හාල්මැස්සෝ(තායි) කිලෝවක නව මිල රුපියල් 950.00
- ලොකු ලූණූ (ඉන්දියානු) කිලෝවක නව මිල රුපියල් 250.00
- කඩල (ලොකු) කිලෝවක නව මිල රුපියල් 450.00
- සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 275.00
0 Comments