මෙරට දැඩිගම සමූහ ව්‍යාපාරයට අයත් ලැවැන්ඩිශ් ලෙෂර් සමාගම එක්සත් රාජධානියේ ඩර්බි නගරයේ ඓතිහාසික කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලය මිලදී ගෙන ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.දෙවැනි ශ්‍රේණියේ හෝටලයක් ලෙස ශ්‍රේණිගත කර ඇති කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලය දැඩිගම සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ රශ්මි දැඩිගම සහ ලැවැන්ඩිශ් ලෙෂර් සමාගමේ පීටර් කැරන් විසින් මිලදී ගනු ලැබ ඇති බවත් ගනුදෙනුවේ වටිනාකම හෙළි කර නොමැති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කළේය.
දෙවැනි එළිසබෙත් මහ රැජින 2010 වසරේදී ඓතිහාසික කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලයෙන් ආහාර ගෙන ඇති බවත් එහිදී ඇය හෝටලයේ සුපවේදියාට ප්‍රණීත ආහාර වේල වෙනුවෙන් ස්තූති කර ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවැසුවේය
. හෝටලය නිදන කාමර 38 කින් යුක්ත බවත් මීට පෙර වරකදී මෙම හෝටලය පොලිස් ස්ථානයක් ද වී ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.
ලැවැන්ඩිශ් ලෙෂර් සමාගම එක්සත් රාජධානියේ මිලදී ගත් දෙවැනි හෝටලය මෙය බවත් 2005 වසරේ සිට එම සමාගම හෝටල් 8 ක් මිලදී ගෙන ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කළේය. සමාගමේ අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලය ලබාගෙන ඇති නාමය තවදුරටත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව මිලදී ගැනීම පිළිබඳ අදහස් දක්වමින් ලැවැන්ඩිශ් ලෙෂර් සමාගම පැවැසුවේය.
විමුක්ති එස් රුද්‍රිගු
0 Comments