ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීම සහ වෙනත් කටයුතු සඳහා ගොඩනැගිලි 388ක් කුලියට ගෙන ඇති බවත්,
ඒ සඳහා 2015 වසරේ සිට 2024 පෙබරවාරි 29 වැනිදා දක්වා කුලිය ලෙස රු.බිලියන 3.2ක් (රු.3,285,248,446) ගෙවා ඇති බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. 2015දී රු.207,915,606ක් ද, 2016 6.236,616,663, 2017 රු. 280,394,274ක්ද, 2018දී රු.339,904,918ක්ද, 2019දී රු.350,255,317ක් ද, 2020දී රු.386,751,215ක්ද, 2021දී රු.440,899,755ක්ද, 2022දී රු. 471,956,910ක්ද, 2023දී 488,419,227ක්ද සහ 2024 පෙවරවාරි 29 වැනිදා දක්වා රු. 82,134,561ක් ලෙස එම ගොඩනැගිලි සඳහා කුලී මුදල් ගෙවා ඇත.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සභාගත කළ පිළිතුරක මේ බව සඳහන් කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබන අවස්ථාවේ අධික මිල ගණන් යටතේ ගොඩනැගිලි කුලියට ගැනීම නොකළ යුතු බව පිළිගන්නා බවත්,
කෙසේ වෙතත් පාරිභෝගික සේවා පුළුල්ව කාර්යක්ෂමව ලබාදීම සඳහා අත්‍යවශ්‍ය අවස්ථාවල නිසි ක්‍රමසම්පාදන ක්‍රියාවක් මගින් ලංවීම කාර්යාල පවත්වාගෙන යාමට අවශ්‍ය ගොඩනැගිලි ලබා ගැනීමට සිදු වන බවත් එම පිළිතුරේ සඳහන් කර ඇත.මෙලෙස කුලියට ගත් ගොඩනැගිලිවල ඇති කාර්යාල හැකිතාක් ලංකා විදුලිබල මණ්ඩලය සතු ගොඩනැගිලි වෙත ගෙන යමින් එම පිරිවැය අවම කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ද එම පිළිතුරේ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
දිනේෂ් සමරකෝන්
0 Comments