මෙවර සම්බුදු තෙමඟුල නිමිත්තෙන් කොළඹ නගරයේ පමණක් තොරණ 08ක් සහ වෙසක් කලාප 05ක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
බාලදක්ෂ මාවත පැරණි එම්.ඕ.ඩී. ගොඩනැගිල්ල තිබූ ස්ථානය, මරදාන ඩින්ස් පාරේ සීමන් හන්දිය, දෙමටගොඩ හන්දිය, ඔරුගොඩවත්ත හන්දිය, කොස්ගස් හන්දිය, නවගම්පුර තොටළඟ පොල අසල, බේවෘක් පෙදෙස, මරදාන ආනන්ද මාවතේ වයිර්ක් පිටිය, යන ස්ථානවල ප්‍රධාන තොරණ ඉදිකර තිබේ.
මේ හැරුණු විට කොළඹට ආසන්න තදාසන්න නගර ආශ්‍රිතවද තොරණ රැසක් ඉදිකර ඇත.
පෑලියගොඩ මාළු වෙළෙඳ සැල අසල, පෑලියගොඩ නවලෝක හංදිය, පිළියන්දල, තලවතුගොඩ, මරදාන, කිරිබත්ගොඩ, මාකොළ, කඩවත මාලබේ, කැලණිය ගෝනවල, ඔරුගොඩවත්ත, අංගොඩ, ගොතටුව, කොට්ටාව, ගම්පහ එසේ තොරණ ඉදිකර තිබේ.
කොළඹ නගරය තුළ ප්‍රධාන වෙසක් කලාප 05ක් ඇති අතර ගංගාරාම බුද්ධ රෂ්මි වෙසක් කලාපය, බෞද්ධාලෝක වෙසක් කලාපය, තලවතුගොඩ සිරස වෙසක් කලාපය, කොළඹ විහාරමහාදේවී උද්‍යාන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පූජා වෙසක් කලාපය හා අමාදහර වෙසක් කලාපය වශයෙන් මෙම කලාප කොළඹ කොටුව, කොළඹ පුරහල් පරිශ්‍රය, ගංගාරාමය, කොළඹ 07 බේවෘක් පෙදෙස සහ කොළඹ 07 බෞද්ධාලෝක මාවත ආශ්‍රීතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. මෙම වෙසක් කලාප ආශ්රීතවද තොරණ ඉදිරිකර තිබේ.
0 Comments