dadigama-group-case

ජනතාව මුළා කරමින් "දැඩිගම" නම භාවිත කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරත වූයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා නිකුත් කළේය.දැඩිගම වෙළෙඳ ලකුණට සමාන නම් යොදා ගනිමින් අසාධාරණ තරගයක නියැලීම වළක්වමින් මෙම වාරණය මහනුවර කටුගස්තොට, කුරුණෑගල පාරේ ඩී.ඒ.සී.පී. දැඩිගම උකස් පුද්ගලික සමාගමට නිකුත් කෙරිණි.දැඩිගම උකස් මධ්‍යස්ථානය (Dedigama pawning sentre) දැඩිගම රන් ණය මධ්‍යස්ථානය ^Dedigama gold loan sentre& oe .u rka Kh uOHia:dkh ^Dedigama pawan Broker යන නාමයන්ට සමාන නාමයන් භාවිත කිරීම, දැඩිගම වෙළෙඳ ලකුණ භාවිත කිරීම, දැඩිගම නමින් ප්‍රචාරය කිරීම, දැඩිගම නමින් නව වෙළෙඳසල් ආරම්භ කිරීම වළක්වමින් මෙම වාරණය නිකුත් කෙරිණි.



දෙහිවල පාර, මහරගම දැඩිගම ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් හා එහි සභාපති රංජන් මලින් දැඩිගම මහතා බුද්ධිමය දේපල පනත යටතේ පැවරු නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කෙරිණි.සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකාර සමාගම දැඩිගම කෙරෙහි ඇති ජනතා විශ්වාසය හා කීර්ති නාමය භාවිත කරමින් ව්‍යාජ ව්‍යාපාරයක නිරතව සිටින බවය.

විත්තිකරුවන් පැමිණිලි කරුවන්ගේ දැඩිගම නාමයට සමාන වෙළඳ ලකුණක් භාවිත කරමින් එම වෙළඳ ලකුණ ඇතුළත ජනතාවට නොපෙනෙන අයුරින් ඩී.ඒ.සී.පී. අකුරු හතර යොදමින් අසාධාරණ තරගයක නිරත වන බවද පැවසීය.1950 ආරම්භ කළ දැඩිගම ගෲප් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව පුරා ශාඛා 281 ක් ස්ථාපිත කර ඇති බවත්, විත්තිකරු එම ජනප්‍රියතාව ව්‍යාජ ව භාවිත කරමින් සිටින බවත් පැවසීය.



2023 අංක 36 දරන බුද්ධිමේ දේපල පනතේ 144 වගන්තිය ප්‍රකාරව මෙය නීති විරෝධී ක්‍රියාවක් බවත්, එම පනතේ 121 වගන්තිය, 160 වගන්තිය යටතේ අසාධාරණ හා ජනතාව නොමග යවන සුළු ක්‍රියාවන් බවය. එහෙයින් ජනතා විශ්වාසය දිනූ පැමිණිලි කරුගේ කීර්ති නාමය උපයෝගී කරගනිමින් වෙළඳ නිරත වීම වළක්වන වාරණ කටයුතු වල නියෝගයක් හා අතුරු තහනම් දැන්වීම් නොතීසි විත්තිකරුට නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර සමාගමට වාරණ නියෝගයක් පනවමින් ලබන 29 වැනි දින අධිකරණය කරුණු දක්වන ලෙසට නියෝග කරමින් අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කළේය.පැමිණිකාර සමාගම වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි නීතිඥය මනෝජ් බණ්ඩාර මහතා සමග නීතිඥ චමත්කා ද සිල්වා මෙනවිය, නීතිඥ ලක්ෂණ මෙන විය ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.


රෝෂන් තුෂාර