dambulla-accident

විවාහ මංග­ල්‍ය­ය­කට සහ­භාගි වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරි­සක් රැගත් කැබ් රියක් සහ ලොරි රථ­යක් පසු­ගිය 10 දින රාත්‍රියේ දඹුල්ල දිග­ම්ප­තහ අත­ර­මැදි කඳ­වුර ආස­න්න­යේදී අන­තු­ර­කට ලක්ව කාන්තා­වක මිය ගොස්, තවත් 9 දෙනකු තුවාල ලබා දඹුල්ල මූලි­ක­රෝ­හ­ලට ඇතු­ළත් කර ඇතැයි සීගි­රිය පොලි­සිය කියයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ හබ­රණ හිරි­ව­ඩුන්න ප්‍රදේ­ශයේ පදිංචි සන්ධ්‍යා කුමාරි 44 හැවි­රිදි කාන්තා­වකි. බර­ප­තළ තුවාල ලැබූ අවු­රුදු තුනක පමණ කුඩා දැරි­යක මහ­නු­වර රෝහ­ලට මාරු කර යැවූ බව දඹුල්ල මූලික රෝහලේ ප්‍රකා­ශ­ක­යෙක් පැව­සීය.

දඹුල්ල ඉනා­ම­ලුව ප්‍රදේ­ශයේ හෝට­ල­යක පැවති විවාහ මංග­ල්‍ය­ය­කට සහ­භාගි වී හිරි­ව­ඩුන්න ප්‍රදේ­ශ­යට මේ ඥාතීන් පිරිස ගමන් කර­මින් සිට ඇත. හබ­රණ දෙසින් දඹුල්ල දෙසට යෝගට් ප්‍රවා­හ­නය කර­මින් තිබු ලොරි රථ­යක් මුහු­ණට මුහුණ ගැටී­මෙන් මේ අන­තුර සිදු වී ඇති බවත්, අන­තු­රින් කැබ් රියේ ගමන් කළ සියලු දෙනා තුවාල ලබා ඇති බවත් සීගි­රිය පොලි­සිය කියයි.



මංගල සාදය තිබුණු හෝට­ලයේ සිට අන­තුර සිදු වූ ස්ථාන­යට කිලෝ­මී­ටර් 4ක් පම­ණක්ම දුර­කදී අන­තුර සිදු වීම තිබෙන බවත් කැබ් රථයේ රිය­දු­රගේ අප­රි­ක්ෂා­කාරී රිය ධවා­නය මේ අන­තු­රට හේතු වී ඇති බවට මූලික පරී­ක්ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වූ බව සීගි­රිය පොලි­සියේ නිල­ධා­රීහු පව­සති.

අන­තු­රට පත් කැබ් රිය සහ ලොරි රථය මේ වන විට සීගි­රිය පොලි­සි­යට රැගෙන ගොස් තිබේ. අන­තු­රට පත් බොහෝ දෙන­කුගේ හිස ප්‍රදේ­ශ­යට බර­ප­තළ තුවාල සිදු වී ඇති බව රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් පැව­සීය. මේ මර­ණය පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය 11 දින දඹුල්ල මූලික රෝහ­ලේදී පැවැ­ත්වී­මට නිය­මි­තව තිබිණි. සීගි­රිය පොලි­සිය වැඩි වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.