හෙලිකොප්ටර අනතුරකින් මිය ගිය ඉරාන ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා වෙනුවෙන් ශ්‍රී ලංකාව අද 21 ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ වෙනුවෙන් ජාතික කොඩි අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ජනතාවට දන්වා ඇත.
ජනපති රයිසිගේ මරණය වෙනුවෙන් ශෝක දින නම් කර ඇති රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව එක්වන අතර ශ්‍රී ලංකාවට අමතරව ඉරානය දින 5 ක්, ලෙබනනය දින 3 ක් සිරියාව දින 3 ක්, තුර්කිය දින 1 ක්, ඉන්දියාව දින 1 ක් හා පකිස්තානය දින 1 ක් ශෝක දින නම් කර ඇත.
කෙසේ වෙතත් රටවල් ගණනාවක නායකයින් හා බලධාරීන් මෙම සංසිද්ධිය වෙනුවෙන් සිය ජනතාවගේ ශෝකය නිවේදන ඔස්සේ ප්‍රකාශ කර ඇත.
රුසියාව, චීනය, ජපානය, ඊජිප්තුව, යුරෝපා කවුන්සිලය, බංග්ලාදේශය, දකුනු කොරියාව,වෙනිසියුලාව යේමනයේ හූතිවරු , කටාරය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය,ඉතාලිය, ජොර්දානය, ඉරාකය හා සුඩානය ශෝක සටහන් පළකළ රටවල් අතර තිබේ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේද සඳුදා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි හෙලිකොප්ටර් අනතුරකින් මියයාමෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙත ශෝකය ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි X හි ප්‍රකාශ කළේ
“ඉන්දියා-ඉරාන ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ දායකත්වය සැමවිටම සිහිපත් වේ. ඔහුගේ පවුලේ අයට සහ ඉරාන ජනතාවට මගේ හෘදයාංගම ශෝකය. මෙම දුක්ඛිත අවස්ථාවේදී ඉන්දියාව ඉරානය සමඟ සිට ගනී, ” ලෙසිනි.
පකිස්තාන අගමැති Shehbaz Sharif පකිස්ථානයේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරමන් X හි සටහන් කළේ
“ප්‍රාණ පරිත්‍යාගික ආත්මයන්ට ස්වර්ගීය සාමය ලැබේවා. ශ්‍රේෂ්ඨ ඉරාන ජාතිය සම්ප්‍රදායික ධෛර්යයෙන් යුතුව මෙම ඛේදවාචකය ජය ගනු ඇත,” යනුවෙනි.
එක්සත් ජනපදය ඉරාන ජනපතිගේ සතුරෙකු ලෙස කටයුතු කළ නමුත්
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙලිකොප්ටර් අනතුරකින් රයිසි සහ අනෙකුත් නිලධාරීන්ගේ මරණය සම්බන්ධයෙන් සිය "නිල ශෝකය" ප්‍රකාශ කර ඇත.
"ඊළඟ ඉරානය නව ජනාධිපතිවරයෙකු තෝරා ගන්නා විට, අපි ඉරාන ජනතාවට සහ මානව හිමිකම් සහ මූලික නිදහස සඳහා වන ඔවුන්ගේ අරගලයට අපගේ සහයෝගය නැවත තහවුරු කරමු" යනුවෙන් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.
0 Comments