dehiwala-accident

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇත.

දෙහිවල Gihan's Restaurant ⁣අසලදී රියැදුරා විසින් ඉතා අපරික්ෂාකාරීව විරුද්ධ මංතීරුවේ ධාවනය කළ මෝටර් රථයක් පැමිණි වේගයත් සමඟ පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් ත්‍රීරෝද රථයක හා ඉදිරියෙන් නවතා තිබූ ( HONDA CIVIC ) මෝටර් රථයේ ගැටීමේදී එම රථය ද සමඟ ඉදිරියට තල්ලු වී ගොස් ඊට යාබදව නවතා තිබූ කැබ් රථයේ ගැටීමෙන් එක පෙළට අනතුරු කිහිපයක් සිදුවිය.


 නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකක සහ මෝටර් රථයක මෙන්ම කැබ් රථයක ද ගැටීමෙන් මෙම අනතුරු සිදුව ඇත.

අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුව නොමැත.
කෙසේ වෙතත් අනතුර සිදු කළ මෝටර් රථය පැදවූ තරුණයා දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ලැබ තිබෙයි.