diana-gamage

 අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියව ඇප මත මුදාහැර තිබෙයි.
ශ්‍රී ලංකා පුරවැසි භාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර සිටින ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් 

අධිකරණයට ඉදිරිපත් වී තිබුනේ

අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඇය සොයමින් සිටියදී සැඟවී සිටීමෙන් අනතුරුවය.
මෝසම කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිට නැත.
 ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා
රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් ද මිලියන 10 ක ශරීර ඇප දෙකක් ද නියම කළ අතර නඩුවේ පාර්ශව කරුවන්ට හා නීතිඥ ප්‍රජාවට අගතියයක් වන ප්‍රකාශ නොකරන ලෙසට සැකකාරියට තරයේ අවවාද කළේය.