පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නව දෙනා අතරින් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට ගිය හයදෙනාගෙන් පස් දෙනෙකුවත් දුරකතනය ලකුණින් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට ගිය තුන්දෙනාගෙන් දෙදෙනෙකුත් මේ වන විට සිටින්නේ අලියගෙ බඩේ යැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසුවේ හාලිඇළ මැතිවරණ කොට්ඨාසයේ කැටවල ප්රදේශයේදී ඉකුත්දා පැවැති දේශපාලන ක්රියාකාරී හමුවක් අමතමිනි.
නිදහස ජාතික සභාව නියෝජනය කරමින් සමගි ජන සන්ධානයට එක්ව එම සන්ධානයේ හාලිඇළ ආසන ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කරන ඩිලාන් පෙරේරා මන්ත්රීවරයා ජනහමුවේදී මෙසේද පැවසීය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් බදුල්ල දිස්ත්රික්කයෙන් අපි සේරම නවදෙනෙක් පාර්ලිමේන්තු ගියා. හයදෙනෙක් ගියේ පොහොට්ටුවෙන්. තුන්දෙනෙක් ටෙලිෆෝන් එකෙන්. අලියගෙන් එක්කෙනෙක්වත් ගියේ නෑ. අලිය අන්ත පරාදයි. ඒත් එහෙම ගිය පොහොට්ටුවේ හය දෙනාගෙන් පස්දෙනෙක්ම දැන් ඉන්නේ අලියගෙ බඩේ.
හරියට අලිය ගිල්ල දිවුල්ගෙඩි වගේ.
තුන්දෙනෙක් තේරුණා ටෙලිෆෝන් එකෙන්. ඒ මැතිවරණයේදී බදුල්ලෙන් පාර්ලිමේන්තු ගිය නවදෙනාගෙන් අලියගෙ බඩට නොගියේ ඩිලානුයි,පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වුණු චමින්දයි, එයා වෙනුවට ආව නයනයි විතරයි. අනික් සේරම දැන් අලියගෙ බඩේ.
ඒ අතරේ මේ ළඟදි උසාවි නඩු තීන්දුවක් අල්ලගෙන සමඟි ජන බලවේගය වලංගු නෑ කියා කතාවක් සමහරු කියාගෙන යනවා. ඒ ඩයනා ගමගේගෙ කතාව. කවුද ඩයනා ගමගේ කියන්නේ.
(ආර්.එම්. විජේරත්න)
0 Comments