divulapelessa-well-accident

ගිරා­ඳු­රු­කෝට්ටේ දිවු­ල­පැ­ළැස්ස රොට­ල­වෙල ක්‍රීඩාං­ග­ණයේ පැවති සැණ­කෙළි බිමක ඉදි­කර තිබූ මාරක ළිඳක් පෙරේදා (23) රාත්‍රි හදි­සියේ කඩා වැටී­මෙන් පස්දෙ­නෙකු තුවාල ලබා ගිරා­ඳු­රු­කෝට්ට සහ මහි­යං­ගණ රෝහ­ලට ඇතු­ළත් කළ බව දිවු­ල­පැ­ළැස්ස පොලි­සිය පව­සයි. තුවාල ලැබූ­වන් අතර අවු­රුදු 50 ක් වයස කාන්තා­වක සහ අවු­රුදු 13, 36, 40, 45 වයසේ පසු­වෙන පිරිමි පුද්ග­ල­යන් සිව්දෙ­නෙකු සිටින බවත් පොලි­සිය කීය. මොවුන් රොට­ල­වෙල ප්‍රදේ­ශයේ පදිංචි අය­ව­ලුන් බව ද පොලි­සිය පැව­සීය. මෙම තුවා­ල­ක­රු­වන් ගෙන් දෙදෙ­නකු ගිරා­ඳු­රු­කෝට්ට රෝහ­ලේත්, සෙසු තිදෙනා මහි­යං­ගණ රෝහ­ලෙත් නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් පසු­වෙන බව පොලි­සිය සඳ­හන් කළේය.



වෙසක් උත්ස­වය නිමි­ත්තෙන් රොට­ල­වෙල ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­යක් මගින් සංවි­ධාන කර තිබූ මෙම සැණ­කෙ­ළියේ සමා­ර­ම්භක ඊයේ දින රාත්‍රි එය නැර­ඹී­මට විශාල පිරි­සක් පැමිණ ඇති අතර, සැණ­කෙළි භූමියේ ඉදි­කර තිබූ මාරක ළිඳ නැර­ඹී­මට ද ජන­තාව පැමිණ තිබේ.

මාරක ළිඳ ආරම්භ වීමට පෙර නර­ඹ­න්නන් ප්‍රවේශ පත් රැගෙන එයට ඇතුළු වී සිටි­යදී එක්ව­රම මාරක ළිඳේ අඩි 15 ක් පමණ උසින් පිහිටි කොට­සක් මෙසේ එක්ව­රම කඩා ගෙන බිමට වැටී ඇතැයි පොලි­සිය පැව­සීය. තුවා­ල­ක­රු­වන් ගෙන් තිදෙ­න­කුගේ තත්ත්වය තර­මක් බර­ප­තළ බව රෝහල් ප්‍රකා­ශ­යෙක් කීය.

ඌව පළාත් භාර නියෝජ්‍ය පොලි­ස්පති ඒ. එම්. උපුල් චන්දන, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි වසන්ත කන්දේ­වත්ත, පොලිස් අධි­කාරි බුද්ධික ගුණ­සේ­කර යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත දිවු­ල­පැ­ළැස්ස පොලි­සිය වැඩි­දුර පරි­ක්ෂණ පව­ත්වයි.