සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 9ක පොලී අනුපාතයක් ගෙවීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 29ක පොලී අනුපාතයක් ගෙවීමත් සම්බන්ධයෙන් අගෝස්තු 30 වැනිදා අධිකරණය හමුවේ හේතු පැහැදිලි කරන ලෙසට නියෝග කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සමේ පෙත්සම්කාර පාර්ශ්වයට නොතීසිය ජනාධිපති ලේකම්වරයාට බාර දෙන ලෙස ද නියෝග කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මේ සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඇතොත් පාර්ශ්වකරුවන්ට ගොනුකරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සති දෙකක් ඇතුළත ප්රතිවිරෝධතා ඇතොත් ගොනුකරන ලෙස ද නියෝග කළේය. පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 30 වැනිදා කැඳවන ලෙස ද නියෝග කෙරිණි.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ
සිටිති.එම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ ජනාධිපති ලේකම්වරයාට නොතීසි ලැබී නැති බවය.ඒ අනුව අදාළ නොතීසි බාර දෙන ලෙස පෙත්සමකාර පාර්ශ්වයට අධිකරණයෙන් නියෝග කෙරිණි. මෙම පෙත්සම අගෝස්තු 30 වැනි දින යළි කැඳවන ලෙස ද අධිකරණය නියෝග කළේය.සාමාන්‍ය සේවක අර්ථසාධක අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ පොලී අනුපාතවල වෙනස්කම්වලට හේතුව කුමක්දැයි පෙත්සම්කරු පාර්ලිමේන්තුවේ විමසන ලද බවද පෙත්සමේ සඳහන් වේ.
ඊට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ සාමාන්‍ය සේවක අර්ථසාධක අරමුදලේ පොලී අනුපාතය සියයට 9 බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදලේ පොලී අනුපාතය සියයට 29 ක් බවත් ඊට හේතුව ප්රතිලාභවල වෙනස බවත් පැහැදිලි කර ඇත.මේ සිද්ධිය ඉතා අසාධාරණ බැවින් පෙත්සම්කරු බලධාරීන්ට පැමිණිලි කළත් පලක් නොවූ බව ද පෙත්සමේ සඳහන් වේ.
මෙම තත්වය මත රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවද පෙත්සම්කරු කියා සිටී. එබැවින් මෙම පෙත්සම විභාග ගැනීමට අවසර ලබාදෙන ලෙස ද, රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතිබව ප්‍රකාශ කරන ලෙස ද පොලී අනුපාතයන් සියයට 11ක් වන ලෙස සම කිරීමට නියෝග කරන ලෙස ද රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදීමට නියෝග කරන ලෙස ද සේවක අර්ථසාධක අරමුදලේ සෑම සාමාජිකයකුටම රුපියල් දහය බැගින් ලැබෙන පරිදි පෞද්ගලික මුදලින් ගෙවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස ද පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ මිනින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.
රන්ජන් කටුගම්පොළ
0 Comments