fuel-prices-change

මාසික මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි.


ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්ද, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16කින්ද භූමිතෙල් ලීටරයක් රුපියල් 13කින්ද පහළ දමා තිබෙන බව එම නිවේදයේ සඳහන් වේ.


එමෙන්ම ඔක්ටෙන් 92 නව ලීටරයක මිල රුපියල් 355ක් වන අතර ලංකා සිදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 317ක් වේ.
තවද භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 202කි.
ඔකටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩිසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවද එහි සඳහන් වේ.
අද දිනයේ සිපෙට්කෝ සමාගම විසින් සිදුකළ ඉන්ධන මිල සංශෝධනයන්ට සමගාමීව, ලංකා IOC සමාගමද
SINOPEC සමාගමද නිවේදන නිකුත්කරමින් කියාසිටියේ, ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වෙනස් කරන බවයි. නිවේදනය පහතින්