hiniduma-incident

මෙයට වසර හත­ර­කට පමණ ඉහ­තදී පහර දී ඝාත­නය කර වැසි­කිළි වළක දමා තිබූ හිනි­දුම, කපල්ල බට­හිර ප්‍රදේ­ශයේ දෙදරු මව­කගේ ඝාත­නයේ සුල­මුල අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි වූ බව ගාල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය පව­සයි. මේ කාන්තාව දෙවැනි වරට විවාහ වූ පුද්ග­ලයා විසින් මේ ඝාත­නය සිදු කර ඇති බව පොලි­සිය පව­සයි. ඔහු පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන සිදු කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී මේ ඝාත­නයේ සුල­මුල අනා­ව­ර­ණය වී ඇත.

2020 වර්ෂයේ දී මේ ඝාත­නය සිදු වී තිබේ. ඝාත­න­යට ලක්වූ කාන්තාව මෙන්ම සැක­කරු ද දෙවැනි වතා­වට විවාහ වී ඇති බව පොලිස් පරී­ක්ෂ­ණ­වල දී අනා­ව­ර­ණය වී ඇත. දෙවැනි වරට විවාහ වූ පුද්ග­ල­යාට දාව මේ කාන්තා­වට දරු­වන් දෙදෙ­නෙකු සිටින අතර සැක­කරු ඇයට පහර දී ඝාත­නය කර පසුව නිවසේ වැසි­කිළි වළට දමා ඇති බව පොලි­සිය පව­සයි.

මේ කාන්තාව අතු­රු­දන්ව ඇති බව සැක­කරු විසින් පොලි­සි­යට ප්‍රකාශ කර තිබිණි. පොලි­සිය විසින් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී තමන් මේ ඝාත­නය සිදු කළ බවට පොලි­සිය ඉදි­රියේ පාපෝ­ච්චා­ර­ණය කර ඇත. ඝාත­න­යට ලක් වූ කාන්තා­වගේ මළ­සි­රුර ඊයේ ගොඩ­ගැ­නී­මට නිය­මි­තව තිබුණි. ගාල්ල පොලි­සියේ කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය හා හිනි­දුම පොලි­සිය එක්ව මේ පිළි­බඳ පරී­ක්ෂණ පව­ත්වයි.
(දික්වැල්ලේ තිල­ක­රත්න )