රට රස්සා දෙනවා කියන සමාජ මාධ්‍ය දැන්වීම් වලට රැවටෙන්න එපා හොඳ ඒජන්සියක් කවදාවත් සමාජ මාධ්‍ය හරහා දැන්වීම් දාන්නේ නෑවිමර්ශන යනු සෑම ක්ෂේත්රයකම, ආයතනයකම ඉදිරි ගමන් මග නංවාලන අත්‍යාවශ්‍ය වගකීමකි. ආයතනයේ පරිහානිය අවම කරන සාධකයකි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද විමර්ශන සම්බන්ධයෙන් ඇත්තේ ඉහත පොදු වැදගත්කමය. කාර්යාංශයේ විමර්ශන කිරීමේ වගකීම පැවරෙන්නේ විමර්ශන අංශයට වන අතර එකී කාර්යභාරය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කළමනාකරු කපිල කරුණාරත්න (විශේෂ විමර්ශන ඒකකය) සමග කළ සාකච්ඡාවකි මේ.
කාර්යාංශයේ සහ විවිධ අමාත්‍යාංශ නම් භාවිතා කරමින් අමාත්‍යාංශයේ ලේකම්වරුන්, අමාත්‍යවරුන්, කාර්යාංශයේ නිලධාරීන් වශයෙන් පෙනී සිටින නොයෙක් ආකාරයේ ජාවාරම්කරුවන් ගණනාවක් නීතියේ රැහැනට හසු කරගැනීමට පසුගිය කාලය තුළ විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය පිළිබඳව මුලින්ම පැහැදිලි කළ හැකිද?
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ විමර්ශන ඒකකය මගින් සිද්ධ වෙන්නේ එම කාර්යාංශ පනතේ සඳහන් කරුණු නියාමනය කිරීම. කාර්යාංශයේ විමර්ශන ඒකකයේ කළමනාකරුවෙක් ඉන්නවා. විමර්ශන නිලධාරියෙක් ඉන්නවා. විමර්ශන නිලධාරීන්ට සහායක නිලධාරීන් ඉන්නවා. ඒ විදිහට තමයි කාර්යාංශ විමර්ශන ඒකකය සෑදිලා තියෙන්නේ. විදේශ රැකියා ක්ෂේත්රයට අදාළ පැමිණිලි නිරන්තරයෙන් කාර්යාංශයේ විමර්ශන ඒකකය වෙත ලැබෙනවා. ඒ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම, විමර්ශනයෙන් අනතුරුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට යොමුකිරීම විශේෂයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම දිවයින පුරා පිහිටි, බලපත්‍ර නොමැති විදේශ රැකියා ආයතන සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන, එම විදේශ රැකියා ආයතනය සොයා ගොස්, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර, එම ස්ථාන - ආයතන වැටලීමට ලක් කිරීම, අත්අඩංගුවට ගැනීම, එම අය නීතිය හමුවට පැමිණවීම සිදුකිරීමත් විමර්ශන ඒකකය මගින් සිදු කරනවා. ඒ වගේම කාර්යාංශයේ පනතට පටහැනිව යම් යම් අය සමාජ මාධ්‍ය,
පුවත්පත්, රූපවාහිනී යනාදී මාධ්‍යවල දැන්වීම් පළ කිරීම සිදු කරනවා. විමර්ශන නිලධාරීන් විසින් කාර්යාංශ පනත ප්‍රකාරව ඒ අය සම්බන්ධයෙනුත් අත්අඩංගුවට ගැනීම් විමර්ශනය කිරීම් සහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා. ඒ වගේම ෆේස්බුක් වැනි මාධ්‍ය හරහා, විදේශ රැකියා සඳහා පුද්ගලයන් බඳවා ගැනීම සිදුකර, ගුවන්තොටුපළ මගින් පිටත්කර හැරීමට කටයුතු කරන තැරැව්කරුවන් නීති විරෝධීව රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වන අය සම්බන්ධව බුද්ධි තොරතුරු ලබාගෙන දිවයින පුරා අත්අඩංගුවට ගෙන වැටලීම් සිදුකිරීම විමර්ශන ඒකකය මගින් සිදු කරනවා.
විමර්ශන තුළින් මේ දක්වා කාර්යාංශයේ කටයුතු කෙරෙහි ලැබුණ දායකත්වය කෙටියෙන් පැවසුවහොත්?
නිරන්තර විමර්ශන කටයුතු මෙහෙයවීම තුළින් ක්ෂේත්රයේ සිටින තැරැව්කරුවන්, ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කරගැනීමට හැකි වෙලා තියෙනවා. ඒ අනුව විදේශ රැකියා ක්ෂේත්රයේ පවතින අකටයුතුකම්, වංචා අවම කරගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. එම හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනෙකුත් ක්‍රියාවලීන්, ක්ෂේත්රයේ උන්නතිය සඳහා සිදු කරන සියලු කටයුතු ඉතා සාර්ථක අන්දමින් කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
රුමේනියාව වැනි රටවලට බොහෝ දෙනකු යන්නේ 'විසිට් වීසා' හරහා. එසේ යෑම හා සම්බන්ධ විමර්ශනවල තත්ත්වය කෙබඳුද?
'විසිට් වීසා' මගින් විදේශගතවීමේ ප්‍රවණතාවක් පහුගිය කාලය තුළ දක්නට ලැබුණා. නිලධාරීන් නිරන්තරයෙන් සෝදිසියෙන් ඉන්නවා සංචාරක වීසා මගින් විදේශගත වෙන්නන් පිළිබඳව කරුණු සොයා බැලීමට. ඒ ආකාරයට විදේශගත වෙන්නන් ගුවන්තොටුපොළවලදී අත්අඩංගුවට ගැනීම සිදු කරනවා. විමර්ශනවලදී සිදු කෙරෙන අනාවරණ අනුව මෙම ජාලයට සම්බන්ධ තැරැව්කරුවන්, ඒජන්තවරුන් විශාල සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයව අධිකරණයට ඉදිරිපත් කරලා, බන්ධනාගාරගත කරලා, දඬුවම් ලබා දීලා තිබෙනවා. ඒ වගේම කාර්යාංශයේ ලියාපදිංචිය නැතිව සංචාරක වීසාවලින් විදේශගත වන තැනැත්තන්ද මේ ආකාරයට පිටත්ව යෑමට උත්සාහ කිරීමක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනත උල්ලංඝනය කිරීමක්. එම අයටත් කාර්යාංශ පනත ප්‍රකාරව මේ වන විට නඩු පැවරීම් කර දඩ මුදල් අය කර තිබෙනවා.
මේ ආකාරයෙන් මැදපෙරදිග රටවලට යාම සම්බන්ධයෙන් සිදු වෙන හා සිදු වූ විමර්ශන කුමනාකාරද?
සංචාරක වීසා මගින් ඩුබායි, ඕමානය, මැලේසියාව වැනි රටවල් සඳහා යෑම ගැන විමර්ශන නිලධාරීන් නිරන්තරයෙන් විමසීමෙන් සිටිනවා. එම පරීක්ෂාවලදී අනාවරණ වූ පරිදි ඒවාට සම්බන්ධ වූ ජාවාරම්කරුවන් උප ඒජන්තවරුන්,
බලපත්‍රලාභී ආයතනත් නීතියේ රැහැනට හසු කර තිබෙනවා. පහුගිය කාලයේ ඕමාන්හි විදේශ රැකියා ලබාදෙන බව පවසා, සංචාරක වීසා මගින් විදේශගත කර, මිනිස් වෙළඳාමට ලක් කළ කාන්තාවන් සම්බන්ධව විමර්ශන නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව විමර්ශන රාජකාරී කරනු ලැබුවා. ඒ විමර්ශනවල ප්‍රතිඵල හැටියට සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
කාර්යාංශයට අමතරව පෞද්ගලික අංශයත් විදෙස් රැකියා වෙත ශ්‍රමිකයින් යොමු කිරීමේ තත්ත්වය කොහොම එකක්ද?
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අමතරව බලපත්‍ර ලබාගත් විදේශ රැකියා නියෝජිත ආයතන ගණනාවක් දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. එම ආයතන හරහා විවිධ රටවල් සඳහා විවිධ ක්ෂේත්රයන්හි පුහුණු නුපුහුණු ශ්‍රමිකයින් රැකියා බඳවාගැනීම් සිදු කරනවා. එම නියෝජිත ආයතන සඳහා රැකියා ඇණවුම් ලබාදීම සහ අනුමැතිය ලබාදීම් කාර්යාංශය විසින් සිදු කරනු ලබනවා.
ඒ ඔස්සේත් කාර්යාංශයේ සහ අමාත්‍යාංශයේ නම් භාවිතා කරමින් රැකියා ජාවාරම් කරන අය සිටිනවා?
කාර්යාංශයේ සහ විවිධ අමාත්‍යාංශ නම් භාවිතා කරමින් අමාත්‍යාංශයේ ලේකම්වරුන්, අමාත්‍යවරුන්, කාර්යාංශයේ නිලධාරීන් වශයෙන් පෙනී සිටින නොයෙක් ආකාරයේ ජාවාරම්කරුවන් ගණනාවක් නීතියේ රැහැනට හසු කරගැනීමට පසුගිය කාලය තුළ විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබා දී තිබෙනවා.
විමර්ශන අංශය හැටියට ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට විශේෂයෙන් යොදා ගත් කටයුතු තිබේද?
ගරු අමාත්‍යතුමාගේ උපදෙස්වලට අනුව මේ ආකාරයට විදේශ රැකියා ක්ෂේත්රයේ දැනට පවතින වංචා සහ විමර්ශන කටයුතු දීපව්‍යාප්තව සිදු කරලා වැටලීම් සිදු කරන අවස්ථා, අත්අඩංගුවට ගැනීම් වැඩි කිරීමෙන් ක්ෂේත්රයේ සිදු වන අකටයුතුකම් අවම කර ගැනීමට විශේෂ විමර්ශන නිලධාරීන් ජාලයක් යොමු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
රට රැකියා සඳහා පිටත් වීමට බලාපොරොත්තුව සිටින අපේ පාඨකයින්ට විශේෂයෙන් සඳහන් කළ යුතු යමක් තිබේද?
විශේෂයෙන් සඳහන් කළ යුතු පණිවුඩය හැටියට කිව යුතු වන්නේ මේ වන විට විදේශ රැකියා ජාවාරම් සිදු කරනු ලබන්නේ සමාජ මාධ්‍ය ජාල යොදා ගනිමින්. මුහුණු පොත, වට්ස් ඇප් ජාලයන් වගේ අන්තර්ජාලය උපයෝගි කර ගනිමින් සහ ව්‍යාජ දැන්වීම් පළ කරමින් පුද්ගලයින් ජාවාරම් පවත්වාගෙන යනවා. මේ බව විමර්ශන නිලධාරීන්ට අනාවරණය වී තිබෙනවා. ඒ ආකාරයට අන්තර්ජාලය යොදා ගනිමින් සිදු කරනු ලබන වංචා පිළිබඳව විමර්ශන නිලධාරීන් දැඩි අවධානය යොමු කර තිබෙනවා.
ඒ වගේම දෛනිකව වංචාවන්ට හසු වූ පුද්ගලයන් විමර්ශන ඒකකය වෙත පැමිණිලි ලබාදීමට පැමිණෙනවා. එම ආකාරයේ වංචාවල වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඔබ විදේශ රැකියා සඳහා යෑමට බලාපොරොත්තු වෙනවා නම් බලපත්‍ර සහිත විදේශ රැකියා ආයතනයක් මගින් විදේශගත වීමට කටයුතු කරන්න ඕන. මේ ආකාරයට අන්තර්ජාලයේ දැන්වීම් පළ කිරීමට බලපත්‍ර ලත් විදේශ රැකියා ආයතනයකට වුවත් කාර්යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව හැකියාවක් නෑ. පූර්ව අනුමැතියකින් තොරව දැන්වීම් පළ කිරීම කාර්යාංශ පනත අනුව වරදක්. විශේෂයෙන් මේ ආකාරයට අන්තර්ජාලයේ දන්වීම් පළකරමින් සිදු කරන විදේශ රැකියා ජාවාරම්වලට හසු වෙන්න එපා කියන පණිවුඩයයි අපිට දෙන්න තියෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකය හැටියට.
•ශිවන්ති ප්‍රනාන්දු
0 Comments