india-heat-weather

දැඩි උණුසුම සහ තාප තරංග හේතුවෙන් මේ දිනවල අසල්වැසි ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක් පීඩාවට පත්ව තිබේ.
 රාජස්ථාන් හි සතියක් තුළ උණුසුම හේතුවෙන් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර උත්තර ප්‍රදේශයේ මරණ 17 ක් දක්වා ඉහළ ගොස් ඇත.
නව දිල්ලියේ උෂ්ණත්වය අංශක 52.9 ක් ලෙස වාර්තා කර ඇත. එය එම ප්‍රදේශයේ ඉතිහාසගත ඉහළම උෂ්ණත්වය ලෙස සැලකේ.
ජැන්සිහි අග්‍රා හි  සහ ප්‍රයග්‍රාජ් හි අංශක 49 ක් ලෙස සටහන් වී තිබෙන අතර කාන්පූර් උෂ්ණත්වය සෙල්සියස් අංශක 48.4 ක් විය.
හර්යානා ප්‍රාන්තයේ දැඩි උණුසුම් රැල්ල නිසා දිවා කල උපරිම දිවා උෂ්ණත්වය අංශක 48 ඉක්මවා ඇත.



සෑම කෙනෙකුම දැවෙන රස්නයෙන් හා උණුසුමෙන් කරදරයට පත්ව ඇත. උණුසුම ජන ජීවිත ක‍ටයුතු වට පමණක් නොව ඔවුන්ගේ ජීවිතවලටද තර්ජනයක් වී ඇත. ප්‍රයග්‍රාජ්හි පසුගිය දින 12 තුළ වාහන ගිනිගැනීම් 7ක් සිදුවී ඇත. චලනය වන මෝටර් රථ ගිනිගෙන දැවෙන අවස්ථා ඇතැමුන් වීඩියෝ කර තිබේ.
 වාහනවලින් පැන මිනිසුන් ජීවිත බේරගත් බව කියැවේ.
උෂ්ණයෙන් බේරීමට මිනිසුන් තම නිවෙස්වලට විදුලි පංකා සහ වායුසමීකරණ සවි කරන බවද ඇතැමුන් නිතර වතුරේ ගිලා බැස සිටින බවද පැවසේ.
ඉන්දීය කාලගුණ වාර්තා සඳහන් කරන්නේ ජූනි 4 දක්වා 'නොයිඩා' නමැති මෙම කාලගුණයේ උච්චාවචනයන් පවතිනු ඇති බවයි. ජූනි 1 වැනිදා තද සුළං සහිත වැසි ඇති වූ පසු තත්වය සමනය ආරම්භ වනු ඇති බවයි.