japura-gal-pittaniya-issue

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස්දෙනකු අත්අඩංගුවට ගැනීම මීට දින දෙකකට පෙර මිරිහාන මූලස්ථාන පොලිසිය සිදුකර තිබුණි.

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් සිසුන් මානව ශාස්ත්‍ර පීඨයට අයත් සිසුන් බවයි.



මානව ශාස්ත්‍ර පීඨයේ සිසුන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ගල්පිට්ටනිය භූමිය තුළ සංවිධානය කර තිබූ විවෘත සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා පැමිණි සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකුට සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පහර දී තිබුණි.

නවක වදයෙන් පසු සිසුන්ට ලබා දෙනු ලබන අන්වර්ථ නාමය පිළිබඳ ඇතිවූ ආරවුලක් මත පහර කෑම සිදුව ඇති බව මේ වනවිට සිදුකරන පොලිස් පරීක්ෂණ වලදී හෙළිව තිබේ.

සරසවියේදී පටබඳින ලද අන්වර්ථ නාමය කියන්නට අපහසු තරම් අසභ්‍ය එකක් වීමත් ඒ ඇසු සැණින් අවට අය සිනාසී තමන්ට ලජ්ජා ඇතිවන බවත් කියමින් එක් සිසුවෙකු මෙම ආරවුල අරඹා තිබේ. මෙම ආරවුල මුල්කරගෙන කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන්  අතර ගැටුම ඇතිවූ අතර
පහර කෑමට ලක් වූ සිසුවකු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.