jeewan-thondaman-nuwara-eliya-incident

ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් සහ ඔහුගේ අධාරකරුවන් පිරිසක් නුවරඑළිය නගරයේ තුළ ඊයේ උදෑසන කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් හා ඒ හේතුවෙන්
 ප්‍රදේශය තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවූ පුවතක් වාර්තාවේ.

ඊයේ පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක දී පීඩෲ වතු යායේ වතු අධිකාරී අනුර වීරකොන්ට ඇමතිවරයා සහ ඔහුගේ අධාරකරුවන් පිරිසක් පහරදී තිබුණි.



පහරකෑමට ලක්වූ වතු අධිකාරී ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර ඊට සුළු මොහොතකට පසු පොලිස් ස්ථානයට කඩා වැදී ඇති ඇමතිවරයා පැමිණිල්ල සටහන් කර ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර බැණවැදී මෙම කලහය ඇති කර තිබේ.



අනතුරුව අදාළ වතු සමාගම් කාර්යාලය වෙත කඩා පැන ඇති ඇමතිවරයා සහ ඔහුගේ අධාරකරුවන් පහරකෑමට ලක්වූ වතු සමාගමේ ප්‍රධානියා සොයමින් කලහකාරී ලෙස හැසිරී ඇති අතර මෙම තත්වය පාලනය කර ප්‍රදේශය තුළ සාමය පවත්වා ගැනීම සඳහා වහාම පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිසියට නියෝගකර තිබුණි.

ඇමතිවරයා විසින් මෙහෙයවන වතු කම්කරුවන් විසින් පහර කෑමට ලක්වූ වතු අධිකාරී අනුර වීරකොන් ඇතුළු පාලන අධිකාරිය කාර්යාල අඩස්සියේ තබා ගෙන ඇතැයිද වාර්තා විය.