kalu-river-on-danger-status

කලු ගඟේ ජලමට්ටම අද (28) දා උදේ පැය හතරක් ඇතුළත අඩි තුනකින් ඉහළ ගොස් සුලු ගංවතුර
තත්ත්වයක් ඇතිවු බව පවසන රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා පහත්බිම් සහ ඒවට වෙසෙන
ජනතාවටත් නායයාම් අවදානම් බවට අනතුරු අගවා ඇති ස්ථානවල පදිංචි ජනතාවටත් අවධානයෙන් සිටින
ලෙස ඉල්ලීමක් කරයි.
එහෙත් වර්ෂාවේ යම් අඩුවක් පෙන්නුම් කළේය. අද (28)දා පෙරවරු 05.30ට කලුගඟේ මුවගම
ස්වයංක්‍රීය ජලමාපකයේ ජලමට්ටම අඩි 17යි අඟල් 09ක් විය. එය පෙරවරු 09.30 වනවිට අඩි 20යි
අඟල් 10ක් විය.   වේ, හංගමු, ගලතුර, දෙනවක් සහ කුකුළේ යන ගංගා වල ද ජලමට්ටම් සැලකියයුතු
අන්දමේ ඉහළ අගයක පවතී.


සිරිපා අඩවියට තද වැසි ඇදහැලීම නිසා කලු ගඟේ සහ කුරු ගඟේ ජලමට්ටම් ඉහළ ගොස් ඇතිබව ද
දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කළේය. පසුගිය දින කිහිපය තුල ඇදහැලුණු මහ වැසි හේතුවෙන් ගංගා
ඇලදොළ ආශ්‍රිත පහත්බ්ම් වල ජලය රැඳී පවතී. අද උදෑසන වන විට මිලි මීටර් 33.9ක වැඩිම
වර්ෂාපතනයක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.
(අජිත්ලාල්  උදයශාන්ත)