kotavila-incident

කොට­විල පොලිස් බල­ප්‍ර­දේ­ශ­යට අයත් කොට­විල, හට්ටි­දූව පාරේ ගමන් කර­මින් තිබූ සැක කට­යුතු කුඩා ලොරි රථ­යක් පරීක්ෂා කිරීමේ දී බල­පත්‍ර නොමැ­තිව ප්‍රවා­හ­නය කර­මින් තිබූ විවිධ ප්‍රමා­ණ­යට ඉරූ, දැව­මය වටි­නා­ක­මෙන් ඉහළ කොස්, නැදුන්, මැහෝ­ගනී ලෑලි තොග­යක් සමඟ සුදු පැහැති ලොරි රථ­යද, කොට­විල කඹු­රු­ග­මුව පදිංචි වයස අවු­රුදු හත­ළි­හක් සහ හත­ළිස් හත­රක් වූ ලොරියේ රියැ­දුරා සහ සහ­ය­ක­යාද අත්අ­ඩං­ගු­වට ගැනී­මට 2024 මැයි 25 වැනිදා කොට­විල පොලි­සි­යට හැකිවී ඇත.



2024 මැයි 26 වැනිදා පෙර­ව­රුවේ කොට­විල පොලි­සි­යට පැමිණි පොදු­පෙ­ර­මුණේ ප්‍රාදේ­ශීය සභා හිටපු සභා­ප­ති­ව­රයා අදාළ අත්අ­ඩං­ගු­වට ගැනීම සම්බ­න්ධව පොලි­සි­යට පැමිණ පොලි­සියේ නිල­ධා­රීන්ට බැණ තර්ජ­නය කර ඇත. මේ පිළි­බ­ඳව පෙරේදා (26) දිනම කොට­විල අධි­ක­ර­ණයේ මාතර වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් ධම්මිකා රූබ­සිංහ මහ­ත්මිය වෙත සැක­ක­රු­වන් දෙදෙ­නාද ඉදි­රි­පත් කර­මින් කොට­විල පොලි­සිය විසින් කරුණු වාර්ථා කර ඇත.

සැක­ක­රු­වන් දෙදෙනා ශරීර ඇප මත නිද­හස් කළ අතර, පොලි­සි­යට බැණ තර්ජ­නය කළ බවට සඳ­හන් සැක­කාර පොදු­පෙ­ර­මුණු සභා­ප­ති­ව­රයා වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට කොට­විල පොලි­සි­යට නියෝග කර ඇත. වැඩි­දුර විභා­ගය 2024 ජුලි 24 වැනි­දාට දින නියම කර ඇත.

එසේම මෙම ලොරි රථ­යම 2024 මාර්තු මස 15 වැනිදා කනංකේ පොලි­සිය මඟින් මෙලෙ­සම නීති විරෝධී දැව ප්‍රවා­හ­න­යක් සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට ගෙන නඩු අංක BR /1433 යටතේ 2024/06/14 දින මාතර මහේ­ස්ත්‍රාත් ඉදි­රියේ තවත් නඩු­වක් විභාග වීමට නිය­මි­තව ඇත.

මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් පරී­ක්ෂණ කට­යුතු කොට­විල පොලි­සිය විසින් සිදු කර­ගෙන යනු ලැබීය.

(වජිර පූජිත ගුණ­ව­ර්ධන)