kahatuduwa-bike-racing-7-nabbed

වෙසක් පුර පස­ළො­ස්වක පෝය දා ජන­තා­වට පීඩා වන ආකා­ර­යෙන් මුද­ලට රේස් පැද්ද යතු­රු­පැදි හතක් සමඟ පැදි­ක­රු­වන් හත් දෙනකු අත්අ­ඩං­ගු­වට ගත් බව කහ­තු­ඩුව පොලි­සිය පව­සයි. මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ මාග­ම්මන කෝරළ ඉම, කහ­තු­ඩුව, ජම්බු­ග­ස්මුල්ල, රිලා­වල, පොල්ග­ස්ඕ­විට ප්‍රදේ­ශ­වල පදිංචි 17 - 35 වයසේ පසු­වන හත් දෙනෙකි. යතු­රු­පැ­දි­වල සයි­ල­න්සර් නීති විරෝ­ධීව වෙනස් කොට

අධික ඝෝෂා­කාරී ශබ්දය පිට­වන ආකා­ර­යෙන් වෙසක් පුර පස­ළො­ස්වක පෝයදා කෝරල ඉම හන්දියේ සිට කහ­තු­ඩුව හන්දිය දක්වා පුද්ග­ල­යන් කණ්ඩා­ය­මක් රේස් පදින බවට රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ජගත් කුමාර මහ­තාට ලද තොර­තු­ර­කට අනුව නිල­ධාරී කණ්ඩා­ය­මක් හොරණ කොළඹ මාර්ගයෙ කහ­තු­ඩුව පොලි­සි­යට යාබද ස්ථාන­යක රැක­වලා සිට පොලිස් භාර­යට ගෙන තිබේ.



එහිදී එක් පුද්ග­ල­ය­කුට රිය­දුරු බල­ප­ත්‍ර­යක් හෝ නොතිබූ බවත් තවත් යතුරු පැදි දෙකක අංක තහඩු ගලවා ඉවත් කර තිබූ බවත් එක් යතු­රු­පැ­දි­යක විදුලි ලාම්පු නොතිබූ බවත් පැවසේ.

අධික ඝෝෂා­කාරී ශබ්ද­යන් පිට­වන ආකා­ර­යෙන් මෙසේ යතුරු පැදි පැදී­මෙන් වෙසක් පුර පස­ළො­ස්වක පෝය දා විහා­ර­ස්ථා­න­වල සිල් සමා­දන් වූ ජන­තා­වට බාධා එල්ල වී තිබූ බව ද පැවසේ.

දිය­ගම කිරි­ව­ත්තු­ඩුව තුඩුව පොල්ග­ස්ඕ­විට සහ කහ­තු­ඩුව යන ප්‍රදේ­ශ­වල රාත්‍රී කාල­යේදී නිර­න්ත­ර­යෙන් මෙසේ නීති විරෝධී ලෙස යතු­රු­පැදි තරග පව­ත්වන බවට මේ වන විට තොර­තුරු ලැබී ඇති අතර ඉදිරි කාල­යේදී දිවා රාත්‍රි නිර­න්ත­ර­යෙන් වැට­ලීම් සිදු­කොට මෙම පැදි­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තදින් නීතිය ක්‍රියා­ත්මක කිරී­මට පිය­වර ගන්නා බව පොලි­සිය පව­සයි. අත්අ­ඩං­ගු­වට ගත් කැස්බෑව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.



සිද්ධිය සම්බ­න්ධ­යෙන් කහ­තු­ඩුව පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ප්‍රියං­කර කුමාර මහ­තාගේ උප­දෙස් මත, රථ වාහන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ජගත් මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පො. සැ. (60745) කෝසල (40537) චතු­රංග (97337) ඒක­නා­යක (97436) තිළිණ (104068) වරුණ ඇතුළු නිල­ධා­රීහු වැට­ලීම සිදු­කොට ඉදිරි පරී­ක්ෂණ පව­ත්වති.

(කොට්ටාව ප්‍රදීප් කුමාර)