kuliyapitiya-youth-murder-updates

කුරුණෑගල කුලියාපිටියදී පසුගිය අප්‍රේල් 22වැනිදා අතුරුදන්ව පසුව දින 15 කට පසු මාදම්පේ පතිරෙන්ඩාව රක්ෂිතයෙන් මළ සිරුර හමුවූ  සුසිත් ජය­වංශ නමැති 31 හැවිරිදි තරු­ණ­යා ඝාතනය කිරීම සම්බන්ධව පොලිසිය කරන විමර්ශන අනුව අවශ්‍යව සිටි සැකකාරියක වන එම තරුණයගේ 18 හැවිරිදි පෙම්වතිය පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

 
මෙම පෙම්වතිය බලන්නට යයි නිවසින් පිටත්ව තිබූ තරුණයා අතුරුදන් කරවන්නට හෝ මරා දමන්නට සැකකාරිය අනුබල දුන්නේ යයි පොලිසිය විශ්වාස කරයි.  
සිද්ධියෙන් පසු ඇගේ මව පියා ඇතුළු 8 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ නමුත් ඇය සහ සොයුරන් දෙන්නා සොයාගන්නට බැරිව තිබුණි. නමුත් ඊයේ (12) දිනයේදී ඇය කුලියාපිටිය පොලිසියට ඇමතුමක් ලබාගෙන තිබූ අතර පසුව ඇය කැඳවා සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ ඇය අත්අඩංගුවට පත්විය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙආකාර වාර්තා පළවන අතර එක් වාර්තාවකින් කියැවෙන්නේ පෙම්වතිය බලන්නට ගිය තරුණයා නිරපරාදේ මරා දමා ඇති බවකි.  
නමුත් අනෙක් වාර්තාවෙන් කියැවෙන්නේ මෙකී 18 හැවිරිදි තරුණිය 31 හැවිරිදි තරුණයා අතින් 52 වතාවක් අතවරයට ලක්ව ඇති බවක් හා ඇය මේ වනවිට ඔහු නිසා ගැබිණියක බවටද පත්ව ඇති කතාවකි. මේ දෙන්නාගේ විවාහය වෙනුවෙන් පියා සාකච්ඡාවක් කරන්නට ගිය නමුත් ඔහු ඇයව බාරගන්න බැහැ යයි කීම නිසා මරාදමා තිබූ බවකි. මෙම තරුණයා පෙර විවාහයක් අතහැර සිටි අයෙකු බව හා තවත් තරුණියකද අතවර කර ගබ්සාවකට ලක්කළ අයෙකු ලෙස හංවඩු ගසා තිබේ.  
 
ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කුලියාපිටිය පොලිසිය සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඉදිරියේදී අධිකරණය හමුවේ සිද්ධිය විමර්ශනය කෙරෙනු ඇත.