lal-kantha-speaks
ජාතික ජන බලවේගයේ විධායක සභික කේඩී ලාල්කාන්ත මහතා අද (29) මාධ්‍ය ඉදිරියේ මෙසේ කියුවේය.
 "නොවැම්බර් දාහතෙන් පස්සේ රනිල් වික්රමසිංහගේ ජනාධිපතිකම ඉවරයි. ඊට පස්සේ එයත් මේ සාමාන්ය මිනිහෙක් වගේ කෙනෙක්.
එතකොට ඊට කලින් ජනාධිපතිවරණයක් තියලා ජනාධිපතිවරණය පත් කරගන්න ඕන.
නැත්නම් විධායක බලය තියෙන බලය මේ රටේ ක්රියාත්මක කරන්න බැරුව යනවා. විධායක බලය කියන්නේ අමුතු බම්බුවක් නෙමෙයි. මොකක්ද නීතිය ක්රියාත්මක කිරීමේ බලය රටක නීතිය ක්රියාත්මක වෙන්න ඕන.
නිසි කාලයේදී ව්යවස්ථාව කියලා තියෙන විදිහට
ජනාධිපතිවරයෙක් පත් කර නොගත්තොත් රටේ නීතිය ක්රියාත්මක කරන්න බෑ. වල් වැදිච්ච රටක් වෙනවා.


ඒ නිසා ඒගොල්ලො මොන කයි කතන්දර කිව්වත් ජනාධිපතිවරණය. ඔක්තෝම්බර් දාහතයි සැප්තැම්බර් දාහතයි අතර තියන්න වෙනවාමයි.

මම දැක්කා එක්සත් ජාතික පක්ෂයේ ලේකම් රංගේ බණ්ඩාර මැතිතුමා ප්‍රකාශයක් කරනවා. ඔහු කියලා තිබ්බා පාර්ලිමේන්තුවයි ජනාධිපතිවරණය දෙකම අවුරුදු දෙකකින් කල් දාන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒගොල්ලන්ට හොඳයි තමයි. ඒත් ඒක කරනවා නම් එකක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඕන.
ඒ වගේම ජනමත විචාරණයක් ඕන එතකොට.

ඒක එයා දාලා කියවන්නෙ  මේ මුට්ටිය දැමීමක් කරලා තියෙන්නේ සහ ඒකෙන් කියවෙනවා මේ රනිල්ට මැතිවරණයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා දිනන්න බෑ කියලා.
ඒ දිනන්න බෑ කියන එකේ අඳෝනාව තමයි රංගේ බණ්ඩාර මැතිතුමා ගෙන් එලියට ආවෙ.

පරාජයේ අඳෝනාව ඒකෙ වේදනාව දිනාගන්න බැරි කමේ ප්‍රශ්නය තමයි කියැවුනේ.


ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණ කතා මේ වගේ ව්යාකූල තත්වයන් හදන්න උත්සාහ කරන්නේ ස්ථිරම ඔවුන්ට ජයග්රහණය කරන්න බැරි නිසා ඒක පරාජය භාර ගැනීමක් විදිහට තමයි අපිට පේන්න තියෙන්නෙ. අපි කියන්නේ ඡන්ද තියලම පරාජය වෙලා ගියා නම් ඔය මොන කිසි ප්රශ්නයක් වත් නෑ."