liberty-plaza-robbed

කොල්ලු­පි­ටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකී­ර්ණ­යට ගිනි අවි­යක් රැගෙන කඩා­වැ­දුණු නාඳු­නන පුද්ග­ල­යෙකු රුපි­යල් ලක්ෂ 40කට ආසන්න වටි­නා­ක­මින් යුත් දුර­ක­තන අඩංගු බෑග­යක් කොල්ලකා පලා ගොස් ඇතැයි කොල්ලු­පි­ටිය පොලි­සිය කියයි.



(26) සවස මෙම කොල්ලය සිදුවී ඇති බව පොලි­සිය සඳ­හන් කරයි.

පැමිණි පුද්ග­ලයා පිස්තෝල වර්ගයේ අවි­යක් පෙන්වා මෙම කොල්ලය සිදු­කර යතුරු පැදි­යක නැඟී පලා ගොස් තිබූ බව පොලි­සිය සඳ­හන් කරයි. මෙම කොල්ල­කෑම සම්බ­න්ධ­යෙන් එම ආය­ත­නයේ සේවය කරනු ලබන පුද්ග­ල­යෙක් සම්බ­න්ධ­යෙන් ද සැක­යක් හට­ගෙන ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය. අදාළ කොල්ලය සීසී­ටීවී කැම­රා­වක ද සට­හන් වේ. කොල්ලු­පි­ටිය පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ