
මාවුස්සාකැලේ ජලාශයේ ජලයට යටව තිබී ගොඩ වී ඇති සමාධි පිළිමයට හා බෝධිගරයට සිවුරු පූජා කිරීම පසුගියදා සිදු විය.
පැරණි මස්කෙළිය නඟරයේ පිහිටි සර්ව ආගමික සිද්ධස්ථානවල නටඹුන් ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැසීමත් සමග නැවත දර්ශණය වෙමින් තිබේ.
එම ආගමික සිද්ධස්ථාන අතරින් බෞද්ධ විහාරස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමාව විශේෂිතය.
බෝධිගරයට සිවුරු පූජා කර එම සිවුරු වලින් පිළිම වහන්සේ හා බෝධිගර ආවරණය කිරීම පසුගියදා බෞද්ධ ආගමික චාරිත්‍රානුකූලව සිදු කෙරිණි.
මාවුස්සාකැලේ ශ්‍රීපාද වෙළඳ සංගමයේ සභාපති සුගත් බණ්ඩාර මහතා ඇතුළු වෙළඳ සංගමයේ සාමාජිකයින් විසින් මෙම සද්කාර්ය සිදු කරනු ලැබීය. මෙහිදී ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ මස්කෙළිය, රිකාටන් ජලනන්දනාරාමාධිපති තපෝවනයේ සන්තචිත්ත ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙනි.
(සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

Comments
Post a Comment
Your comment will be visible after approval