meerigama-train-dead-body

හිසේ තුවාල සහි­තව මර­ණ­යට පත් වූ තරු­ණ­ය­කුගේ සිරු­රක් මීරි­ගම විජ­ය­ර­ජ­ද­හන සහ මීරි­ගම දුම්රිය ස්ථාන අතර තිළි­ණ­ගම ප්‍රදේ­ශයේ දුම්රිය මාර්ගය ආස­න්නයේ තිබී ඊයේ (27) උදේ සොයා ගත් බව මීරි­ගම පොලි­සිය පව­සයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ මීරි­ගම, විල්වත්ත බෝග­හ­හේන පාර, පදිං­චිව සිටි ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ කාර්යාල කාර්ය සහා­ය­ක­යෙකු ලෙස සේවය කළ චන්දිම ලක්මාල් පෙරේරා නමැති 28 හැවි­රිදි අවි­වා­හක තරු­ණ­යා බව හඳුනාගෙන තිබේ.



මිය­ගිය තරු­ණයා පෙරේදා (26) දහ­වල් දාන­මය පින්ක­ම­කට සහ­භාගි වී ඇති බවත් පස්ව­රුවේ සිට ඔහු පිළි­බඳ කිසිදු තොර­තු­රක් නොලැ­බුණු බවත් ඔහුගේ පියා පැවසූ බව පොලි­සිය සඳ­හන් කරයි.

මිය­ගිය අය කොට කලි­ස­මක් සහ ටීෂර්ට් එකක් පම­ණක් ඇඳ සිට ඇත. රාත්‍රී කාලයේ ඔහු ගමන් කළ ස්ථාන­යක් පිළි­බ­ඳව කිසිදු තොර­තු­රක් ලැබී නැතැයි පොලි­සිය පව­සයි.
මිය­ගිය තරු­ණ­යාගේ මළ සිරුර හමු වී තිබුණේ ඔහු පදිං­චිව සිටි නි‍ෙවසේ සිට කිලෝ­මී­ටර් තුනක් පමණ දුරිනි.

මීරි­ගම මූලික රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක වෛද්‍ය තුසිත ප්‍රමෝද් විජේ­ව­ර්ධන මහතා සහ පොලිස් අප­රාධ ස්ථාන පරී­ක්ෂන නිල­ධා­රීහු මළ සිරුර හමු වූ ස්ථාන­යට පැමිණ ස්ථානීය පරී­ක්ෂණ සිදු කළහ.

දුම්රියේ ගමන් කර­මින් සිටි­යදී දුම්රි­යෙන් වැටී මෙම මර­ණය සිදු වූවාද නැත­හොත් වෙනත් කිසි­යම් අප­රාධ සිද්ධි­යක ප්‍රති­ඵ­ල­යක් ද යන්න හෙළි කර ගැනී­මට පොලිස් පරී­ක්ෂණ පැවැත්වේ.
මීරිගම පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.