mulathiw-incident

තම අලුත බැන්ද 23 හැවිරිදි තරුණ බිරිඳ ළිඳකට දමා ඝාතනය කළ බවට සැක පිට සැමියෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම සිදුවීම මුලතිව් ප්‍රදේශයේදී සිදුව තිබේ. වාර්තාවන ආකාරයට මෙම සැමියාට අනියම් ඇසුරක් තිබී ඇති අතර ඔහු බිරියට හොරෙන් අවස්ථා රැසකදී අනියම් පෙම්වතිය සමග අඹුසැමි සබඳතා පවත්වා ඇත.


සිද්ධිය වූ දිනයේ බිරිය නිවසේ නොමැති අවස්ථාවක මොහු අනියම් පෙම්වතිය නිවසට කැඳවාගෙනවිත් ඇසුරු කරමින් සිටියදී බිරිය අහම්බෙන් නිවසට පැමිණි විට 'හොරය' හසුවී ඇත.
මේ අවස්ථාවේ බිරිය සමග සැමියා බහින්බස්වීමක් සිදුකරගෙන තිබෙන අතර සැමියා කෑගසමින් පවසා ඇත්තේ 'මට උඹව ඕන නැහැ.. මෙයා හොඳයි' ලෙසිනි.

මේ අවස්ථාවේ දෙන්නා අතර ගුටිබැට ඇනගැනීමක් සිදුව තිබේ. ක්ෂණික කෝපය ඉහවහා ගිය සැමියා බිරියගේ ගෙල මිරිකා සිහිසුන්වූ පසු ඔසවාගෙන ගොස් වත්තේ තිබූ ළිඳට තල්ලු කර තිබේ.
බිරිද ළිඳට පැන්න බවට සැමියා කෑගැසීමෙන් පසු අසල්වාසීන් කිහිප දෙනෙකු පැමිණ ළිඳට වැටී සිටි තරුණිය බේරාගෙන මුලතිව් දිසා රෝහලට රැගෙන ගොස් තිබුන අතර ඇය රෝහලට ගෙන යන අතරමගදී මිය ගිය බව කියැවිණි. වවුනියාව ප්‍රදේශයේ පදිංචි එස්.සුදර්ශිනි (23) නමැති තරුණිය මෙලෙස මිය ගොස් තිබුණි.

මෙම සිද්ධියේ ඇත්ත තොරතුරු වසන් කර මියගිය කාන්තාවගේ සැමියා පොලිසියට ප්‍රකාශ කළේ තම බිරිඳ ළිඳට පැන සියදිවි හානිකරගත් බවයි. නමුත් අසල්වාසීන්ගෙන් ලැබුණ සාක්ෂි අනුව ඔහු කියන්නේ බොරුවක් බව පොලිසිය වටහාගෙන තිබූ අතර ඝාතනය කළ බවට සැකපිට එම කාන්තාවගේ සැමියා අත්අඩංගුවට පත්විය. ලැබුණ සාක්ෂි අනුව අනියම් පෙම්වතිය යයි කියන තරුණියවද අත්අඩංගුවට පත්ව ඇත.
මියගිය කාන්තාවගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.