සාමාන්‍ය පෙළ විභාගයේ විෂය මාලාවට කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබෙන බවත්, නව වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවත් සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනුප පස්කුවල් මහතා සඳහන් කරයි.
අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය, ආගම සහ භාෂාව වැනි විෂයන් අසමත් වූවත් ඔවුන් විභාගය අසමත් වූවන් ලෙස නොසැලකිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය, ආගම සහ භාෂාව වැනි විෂයන් අසමත් වූවත් ඔවුන් විභාගය අසමත්වූවන් ලෙස නොසැලකිය යුතු බවද රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සදහන් කරයි.
සමාජය සවිබලගැන්වීම සඳහා අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති වියයුතු බව අප විසින් ඉදිරිපත් කළ ප්‍රධාන මතවාදයක් ලෙස දැක්විය හැකියි. ඊට අනුව සාමාන්‍ය පෙළ ගණිතය, ආගම සහ භාෂාව වැනි විෂයන් අසමත් වූවත් ඔවුන් විභාගය අසමත්වූවන් ලෙස නොසැලකිය යුතු බව පෙන්වා දෙන ඒ මහතා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ විෂය මාලාවට කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබෙන බවද කියා සිටියේය.
එය සමාජය පිළිගත් අදහසක් ලෙසද හැඳින්විය හැකි බව අවධාරණය කළ අනූප පැස්කුවල් මහතා ඒ අනුව නව වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙන බවද කීය. ඒ අනුව කුසලතා පූර්ණ වෘත්තිකයකු බිහි කිරීමට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියේදී සිදු වන බව සඳහන් කළ යුතු යැයිද කීවේය.
0 Comments