
රාත්‍රි කාලයේ දිනපතා කැළෑවට වැසිකිළි යාමට කියා නිවසින් බැහැරව යන විවාහක බිරිය කෙරෙහි ඇතිකර ගත් සැකය ඔස්සේ විමර්ශනයක යෙදුණු සැමියාට අනියම් පෙමෙක තොරතුරු හෙළි වීමෙන් කෝපයට පත් සැමියා බිරියගේ හිසට හා අත් දෙකටම මන්නයකින් කෙටීම හේතුවෙන් බරපතළ තත්ත්වයේ පසු වූ ඇය
පෙරේදා (12) රාත්රියේදී පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ පොල්පිතිගම, තලාකොළවැව, ඇරෑපොළයාය ලිපිනයේ පදිංචි අවුරුදු 32ක් වයසැති විවාහක දෙදරු මවකි. ඇයට අවුරුදු දහයක හා අවුරුදු දෙකක දියණියන් දෙදෙනෙකු සිටින බවද පොල්පිතිගම පොලිසිය පවසයි. නිෙවසේ සිට කැළෑවට වැසිකිළි ගියත් වැසිකිළි කරපු ස්ථානයක් පෙන්වන්නට කියා සැමියා ඉල්ලීම් කර ඇතත් එවැනි ස්ථානයක් පෙන්වීමට පවා ඇය අපොහොසත්වීම හේතුවෙන් සැකයෙන් පසු වූ සැමියාට පෙරේදා (12) රාත්රියේදීත් ඇය එලෙස කැළෑවට යාමේදී අනියම් සම්බන්ධතාවයක තොරතුරු හෙළිවීමෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් සැමියා බිරියගේ හිසෙහි දෙපොළකට හා මැණික් කටුව සීමාවෙන් බරපතළ ලෙසට කැපෙන්නට අත් දෙකටම මන්නයකින් කොටා ඇති බව පොලිසිය සඳහන් කරයි.
තුවාල ලබා සිටි කාන්තාව පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. අවුරුදු 47ක් වයසැති විවාහක සැමියා සැකපිට පොල්පිතිගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මහව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය පිළිබඳව පොල්පිතිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පොල්පිතිගම - නන්දන කැලේගම
Comments
Post a Comment
Your comment will be visible after approval