poya-day-murder

ඉකුත් 23 වෙසක් පොහෝ දින රාගම පොලිස් වසමේ නිව­සක් තුළ මනුෂ්‍ය ඝාත­න­යක් සිදු කළ බවට සැක පිට මිය ගිය අයගේ බිරිඳ හා තවත් බස් රථ රියැ­දු­රකු අත් අඩං­ගු­වට ගත් බව පොලි­සිය පව­සයි.

ඉකුත් 23 දා අලු­යම 04.00 ට පමණ කළු පැහැති කබා­ය­කින් සැර­සුණු පුද්ග­ල­යකු සිය සැමි­යාට පිහි­ය­කින් ඇන ඝාත­නය කර පලා ගිය බව පව­ස­මින් මිය­ගිය අයගේ බිරිඳ විසින් රාගම පොලි­සිය ට පැමි­ණි­ල්ලක් කර තිබේ.

අදාළ පැමි­ණි­ල්ලට අනුව ක්‍රියා­ත්මක වු රාගම පොලිස් ස්ථානයේ නිල­ධා­රීන් රාගම විහාර මාවතේ නිව­සක් තුළ ඝාත­නය වී සිටි එම්. ඒ. තිළිණ සම්පත් (42) යන අයගේ මළ සිරුර සොයා­ගෙන ඇත. පසුව කළ මූලික පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලින් පසු ඝාත­නය සිදු කළ බවට ලංගම බස් රිය­දු­රකු හා ඝාත­න­යට ආධාර අනු­බල දීම ගැන මිය ගිය අයගේ බිරිඳ ද සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මෙලෙස අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් 24වන දින වැලි­සර මහෙ­ස්‌ත්‍රා­ත්ව­රයා හමු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි. සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පොලිස් පරී­ක්ෂණ කට­යුතු රාගම පොලි­සිය විසින් සිදු කරනු ලබයි.

 ජාඇළ  ප්‍රසංග පෙරේරා