රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පහරකෑමට ලක්වූ බව කියන ගුවන්තොටුපොළ පෝටර්ට යැවීමට රුපියල් තුන්සියයක මුදලක් කරන්දෙණියේ තරුණ පිරිසක් විසින් කතානායකවරයාට පෙරේදා (18) පස්වරුවේදී යවනු ලැබීය.පෝටර් එහිදී පහර කෑමට ලක්වූයේ, හිඟ රුපියල් 300ක මුදලක් ඉල්ලා එය නොදුන් බව කියන සිද්ධියකින් අනතුරුව බව පැවැසේ.
අපේ දහම් පදනමේ නිර්මාතෘ හා සභාපති සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා ඇතුළු පිරිසක් කතානායකවරයාට පෙරේදා (18) පස්වරුවේදී කරන්දෙණිය මහ ඒ දණ්ඩ ප්‍රධාන තැපැල් කාර්යාලයට පැමිණ තම තමන් ළඟ තිබූ මුදල් එකතු කර ප්‍රසන්න රණවීර මහතාට ලැබීමට සැලැස්වීම සඳහා මේ මුදල් මනි ඕඩර් ක්‍රමයට කතානායකවරයාට යැවීමට මෙහිදී පියවර ගත්හ.රුපියල් තුන්සියයක් මුදල් පසුම්බියේ නොමැතිකම නිසා ගුවන්තොටු පොළේ අහිංසක පෝටර්වරයකු පහර කෑමට ලක්වූ බවත්, මෙය නොවිය යුත්තක් නිසා ප්‍රසන්න රණවීර මහතාට මේ මුදල යැව්වේ පෝටර්වරයාට එය ලබා දීමට බවත්, මේ කාර්යය සඳහා එක්වූ සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා කීය.
එම්. සුසිල් ප්‍රියන්ත
0 Comments