punsara-amarasinghe-arrested

 ඉන්දි­යා­වට ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල කිරීම සඳහා පැමිණි අයි.එස්.සාමා­ජි­ක­යන් බව කිය­මින් අහ­ම­දා­බාද් ගුව­න්තො­ටු­පො­ළේදී ගුජ­රාටි ත්‍රස්ත විම­ර්ශන ඒක­කය අත්අ­ඩං­ගු­වට ගත් ශ්‍රී ලාංකි­ක­යන් සිව් දෙනා සම්බ­න්ධ­යෙන් හිරු පෞද්ග­ලික රූප­වා­හිනී නාලිකාවට පැමිණ ආන්දෝ­ල­නා­ත්මක ප්‍රකා­ශ­යක් සිදු­කළ කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ ජාත්‍ය­න්තර නීතිය පිළිබඳ කථි­කා­චාර්ය ආචාර්ය පුන්සර අම­ර­සිංහ මහ­තාව ඊයේ (28) අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

ඉන්දි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් සිව් දෙනාගේ නම් පාස්කු කොමි­ෂන් සභා වාර්තාව මඟින් පුන­රු­ත්ථා­ප­නය කළ යුතු යැයි සඳ­හන් නම් ලැයි­ස්තුව අතර ඇතැයි ආචාර්ය පුන්සිරි අම­ර­සිංහ මහතා එම රූප­වා­හිනී වැඩ­ස­ට­හනේ දී පවසා තිබුණි.

ඒ සම්බ­න්ධ­යෙන් ඔහු දීර්ඝ කරුණු පැහැ­දිලි කිරී­මක්ද කරනු ලැබීය. මේ ගැන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වේත් ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­ස­යේත් විශේෂ අව­ධා­න­ය­කට යොමු­ක­රනු ලබන්නේ ඉන්දි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගෙන සිටින සැක­ක­රු­වන් සිව් දෙනාගේ නමක් ගමක් පාස්කු කොමි­ෂන් සභාවේ සට­හන්ව නොමැති වූ බැවිනි. නැවත නැවත ඒ ගැන පාස්කු කොමි­ෂන් සභාවේ වාර්තාව පරී­ක්ෂා­කර බලා අව­සා­නයේ දී ඊයේ (28) අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඔහු­ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔහු ඒ කළ ප්‍රකා­ශ­යට අදාළ සැක­ක­රු­වන් සිව් දෙනා ගැන පාස්කු කොමි­ෂන් සභා වාර්තාවේ සට­හන්ව ඇත්තේ කුමන පිටු­ව­ක­දැයි කියාය.

එම ප්‍රශ්න කිරී­මේදී නිසි පිළි­තු­රක් ලබා­දිය නොහැකි වූ ආචාර්ය පුන්සර අම­ර­සිංහ මහතා තහ­වුරු නොවූ පද­නම් විර­හිත ප්‍රකා­ශ­යක් රූප­වා­හිනී මාධ්‍ය­යෙන් පැව­සීම සම්බ­න්ධ­යෙන් සමාව ඉල්ලා සිටි බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය. ඒ අනුව ඔහුව අත්අ­ඩං­ගු­වට ගත් බවත් අද දිනයේ අධි­ක­ර­ණ­යට ඉදි­රි­ප­ත්ක­රන බවත් එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.