pupuressa-father-son-deaths

 වෙසක් පොහොය වෙනු­වෙන් ගම්පොළ පුපු­රැස්ස නග­රයේ තරුණ පිරි­සක් දන්ස­ලක් දීමට සූදා­න­ම්වී­මේදී අබි­ර­හස් ලෙස මිය­ගිය පියකු හා පුත­කුගේ මරණ සම්බ­න්ධ­යෙන් පුපු­රැස්ස හදිසි මරණ පරී­ක්ෂ­ක­ව­රයා විවෘත තීන්දු­වක් ප්‍රකා­ශ­යට පත් කළේය.

මෙසේ මිය ගොස් ඇත්තේ පුපු­රැස්ස නැඩ්සා ප්‍රදේ­ශයේ පදිංචි සනත් රෝහණ විජ­ය­කු­මාර (40) (පියා) හා ගගන මදු­ශාන් (17) (පුතා) යන දෙදෙ­නායි. පුපු­රැස්ස නග­රයේ තරුණ කැල හා ප්‍රදේ­ශ­වා­සීන් එක්ව විසි­දෙ­වන වර­ටත් මෙව­රද මෙම දන්සල දීමට සූදා­නම් කර තිබී ඇත. රාත්‍රී පුරා එහි කට­යුතු සිදු කර­මින් පැව­ති­යද ප්‍රදේ­ශයේ විදු­ලිය විසන්ධි වී තිබී­මෙන් ඔවුන්ගේ එම කට­යු­තු­ව­ලට බාධා පැමිණ තිබීණ. මේ නිසා ඔවුන් ජෙන­රේ­ට­ර­ය­කින් එළිය ගෙන රාත්‍රිය පුරා ඉවුම් පිහුම් කට­යු­තු­ව­ලට සූදා­නම්ව ඇත.

මේ අතර මිය­ගිය පිය පුතු දෙදෙනා රාත්‍රී දෙකයි තිහට පමණ ටිකක් නිදා­ගන්න යනවා යැයි පවසා ජෙන­රේ­ට­රය තිබූ කාම­ර­යට ගොස් තිබුණි. පුපු­රැස්ස නග­රයේ තිබූ ඇඳුම් මහන වෙළඳ සැලක මෙම ජෙන­රේ­ට­රය තිබී ඇති අතර එය වීදු­රු­ව­ලින් සම්පූ­ර්ණ­යෙන්ම ආව­ර­ණය සහිත ස්ථාන­යකි. අලු­යම තුනයි තිහට පමණ එම ජෙන­රේ­ට­රය නතර වී ඇති අතර ඒ පිළි­බ­ඳව සොයා බැලී­මට මංජු අගු­ණා­වල යන අය එයට ඇතුල්ව සොයා බලා ඇත.

විදුලි පන්ද­මක් අතැ­තිව සිටි ඔහු දැක ඇත්තේ සනත් රෝහණ යන අයගේ මුහුණේ කැර­පොත්තං කිහිප දෙනෙකු සිටින බවයි.

ඒ බව පැව­සී­මට නිදා සිටින සනත් යන අයට කතා කළද ඔහු නිහඬ නිසා අනෙක් පිරි­සට ද මේ බව දන්නවා සිය­ල්ලෝම පරික්ෂා කිරී­මේදී ඔවුන් මිය­ගොස් ඇති බව දැන ඒ අසල ඇති පුපු­රැස්ස පොලි­සි­යට මේ බව දන්වා එම පිය පුතු දෙදෙනා පන්වි­ල­තැන්න ග්‍රාමීය රෝහ­ලට රැගෙන ගොස් ඇත.

මේ පිළි­බ­ඳව ස්ථානීය පරී­ක්ෂණ කට­යුතු ගම්පොළ වැඩ බලන මහේ­ස්ත්‍රාත් නන්දනී කාන්ති­ලතා මහ­ත්මිය පැවැ­ත්වූ­වාය. මිය ගිය ගගන මධු­ෂාන් ගම්පොළ වික්‍ර­ම­බාහු විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබන අතර ඔහු මෙවර පැවැත්වූ අපොස සාපෙළ විභා­ග­යද ඉහ­ළින් සමත් වූ අයෙකි. දන්ස­ලට අව­ශ්‍යය අඹ ගෙඩි කඩා­ගෙන ඇවිත් තිබුණේ ද මොහුය. ජෙන­රේ­ට­ර­යෙන් නිකුත් වූ විෂ දුම මෙම මර­ණ­ව­ලට හේතු වන්නට ඇතැයි සැක කරන අතර වැඩ බලන මහේ­ස්ත්‍රා­ත්ව­රිය සිරුරු පේරා­දෙ­ණිය රෝහ­ලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කරන ලෙස නියම කළාය.

වෙසක් දන්ස­ල­කට ආහාර සකස් කර­මින් සිට විදුලි ජනක යන්ත්‍ර­යක් ක්‍රියා­ත්මක කර තිබූ කාම­ර­යක නින්දට ගිය පිය පුතු දෙදෙනා මිය­ගොස් ඇත්තේ එම ජෙන­රේ­ට­ර­යෙන් නිකුත් වූ කාබන් මොනො­ක්ස­යිඩ් වායුව ආග්‍ර­හ­ණ­ය­වී­මෙන් බව ඒ පිළි­බ­ඳව පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැත්වූ පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී ආර්. පී. ජය­සූ­රිය මහතා සඳ­හන් කර ඇත.

මෙම විෂ වායුව ආග්‍ර­හ­ණ­ය­වී­මෙන් විනාඩි 5ක් වැනි කෙටි වේලා­ව­කින් නිහඬ මර­ණ­යක් සිදු­විය හැකි බවද පවසා ඇති වෛද්‍ය­ව­රයා මෙහි වැඩි­දුර වාර්තා සඳහා ලේ සාම්පල දෙකක් රස පරී­ක්ෂ­ක­ව­රයා වෙතද යැවී­මට පිය­වර ගෙන ඇත. පුපු­රැස්ස පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මනෝ­ර­න්ජන් මහතා සඳ­හන් කර සිටියේ එම ලේ සාම්පල සඳුදා දින කොළ­ඹට රැගෙ­න­යා­මට පිය­වර ගෙන ඇති බවයි. විසි­තුන දින මෙම දන්සල පැවැ­ත්වී­මට සූදා­නම් කර තිබී ඇති අතර ඒ සඳහා රාත්‍රී කාලයේ මෙම පිරිස එක්වී එහි කට­යුතු කර­මින් සිට ඇත. ඒ අව­ස්ථාවේ ප්‍රදේ­ශයේ විදු­ලිය විසන්ධි වී තිබීම නිසා මෙම විදුලි ජනක යන්ත්‍රය ගෙන­විත් ඇති බවද ප්‍රකාශ විය.



මෙම පිය පුතු දෙදෙනා පදිං­චිව සිටින පුපු­රැස්ස නැඩ්සා ජන­පද මාර්ගය වර්ෂාව සමඟ අව­හි­ර­වීම හේතු­වෙන් එම දේහ­යන් දෙක මේ වන විට පුපු­රැස්ස විහා­ර­ස්ථා­නයේ තබා ඇති අතර එහි අව­සන් කට­යුතු අද (සෙන­සු­රාදා) දින පුපු­රැස්ස පොදු සුසාන භූමියේ සිදු කිරී­ම­ටද නිය­මි­තය.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී අසංක බණ්ඩාර ගුණ­ති­ලක, පුපු­රැස්ස පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මනෝ­රං­ජන් ගම්පොළ, ස්ථානීය පරී­ක්ෂ­ණා­ගාර ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චම්පික විම­ල­රත්න, පොලිස් පරී­ක්ෂක ප්‍රියන්ත බණ්ඩාර, පොලිස් සැර­යන් (41219) කරු­ණා­නා­යක, (36425) ජයන්ත, කාන්තා පොලිස් සැර­යන් (2972) ඉනෝකා, පොලිස් කොස්තා­ප­ල්වරු වන (77177) අනු­රුද්ධ, (103474) දේවින්ද යන නිල­ධා­රීහු පරී­ක්ෂණ පැවැ­ත්වූහ.

ගම්පොළ - සුරංග දිල්හාන්