range-bandara-unp
අපේක්ෂා කරන පරිදි ජනපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය යෝජනා කර තිබෙයි.
මෙම අදහස  අද (28) දින එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර තිබුනේ සිරිකොත මූලස්තානයේ පැවති මාධ්‍ය හමුවකදීය.



ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කර රට මුදවාගැනීම මෙම අවස්ථාවේ දී ඇති හොඳම විකල්පය බව පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඔහු අවධාරණය කර ඇත්තේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හා අනෙකුත් ජාත්‍යන්තර ආයතනය සමඟ ගිවිසුම් ගත වීම හේතුවෙන් මෙය අත්‍යවශ්‍ය බවයි,



පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට මෙය අත්‍යවශ්‍ය කරුණක් වන බවත් , ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බවත්ය.

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරණ දෙකම වසර දෙකකින් කල් දැමීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී යයි කිසිවෙකු පවසන්නේ නම් වැරදි බවත් බවත් ඔහු සපථ කළේය.
ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයෙන් (SJB) සහ  ජාතික ජන බලවේගයෙන් (NPP) මෙම පියවරට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය.



1970 ගණන්වල මැතිවරණය කල් දැමීමට එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක විසින් ගත් මතභේදාත්මක තීරණය ඔහු සිහිපත් කළේය, එය ඇගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ප්‍රමුඛ සන්ධානය විනාශයට පත් කිරීමට හේතු විය.

ආර්ථිකය තවමත් බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට නොහැකි බැවින් දැන් මැතිවරණ කාලය නොවන බව සියලු පාර්ශ්වයන් තේරුම් ගත යුතු බවත් දැනටමත් ස්ථාවරත්වයක් ගෙන දී ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති වික්‍රමසිංහ මහතාට අවසර දිය යුතු බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙම එක්සත් ජාතික පක්ෂයේ නවතම ප්‍රකාශය පසුගිය සති අන්තයේ ප්‍රකාශයන්ට වඩා බොහෝ සෙයින් වෙනස් ය, නියත වශයෙන්ම ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 18 අතර, ඉන් පසුව 2025 මුල පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ වික්‍රමසිංහ මහතාද අනිවාර්යයෙන්ම මැතිවරණයට ඉදිරිපත් වන බව දක්වමිනි. කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර ද එම කතාවට එකඟ විය.