ranil-house-fire

පසුගිය 2022 ජූලි මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය 5වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් 36 හැවිරිදි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කිරන්තිඩිය ප්‍රදේශයේ පදිංචි ගුරුවරයකු බවට හඳුනාගෙන ඇත.


සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මින් ඉහත පසුගිය පෙබරවාරි මාසයේදීත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික ඉංග්‍රීසි ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබුණි.



එවර අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු හතළිස් හයක පුද්ගලයෙකි. සැකකරු නිවෙස්වලට ගොස් ඉංග්‍රීසි ඉගැන්වීම් සිදුකරන ගුරුවරයෙකි.

2022 ජූලි 9වන දින මෙම නිවසට පිරිසක් ගිනි තබා දේපළ සොරාගෙන තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 25 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දණ්ඩ නීති සංග්‍රහයේ 138, 366, 408, 427 හා 428 යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.