ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගියේය.
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ අද සිට මැයි 20 වන දින දක්වා ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය සිදුකිරීමට කිරීමට නියමිතව තිබේ.
මේ අතර සිය නිල සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
සංචාරයේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැරිස් සමාජයේ සාමාජිකයින් සමග මෙරට බාහිර ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිත බව මින්අ ඉහත බන්අදුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.
0 Comments