rathnepura-court-incident

රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදි බිමත්ව අශෝභන ලෙස හැසිරෙමින් තම බිරිඳට දියණියට උසාවි කාර්යමණ්ඩලයට පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කිරීම මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 29වැනි දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු

සිද්ධියට අදාළව 29වැනි දින ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් පරණ ලියනගේ මහතා

ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ ජුනි මස 12වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.රත්නපුර පාම් ගාර්ඩ්න් පදිංචි 39 හැවිරිදි දෙදරු පියෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. බිරිඳට සහ දරුවන්ට බැන පහරදිමේ සිද්ධියක් මත රත්නපුර පොලීසියට බිරිඳ විසින් තම සැමියාට විරුද්ධව කර තිබූ පැමිණිල්ල මත රත්නපුර පොලීසිය විසින් අධිකරණයට ගොනු කර තිබු නඩුව පසුගිය 23වැනිදා කැඳවන ලදී.

මෙදින බිමත්ව පැමිණ සිටි අදාළ විත්තිකරු අධිකරණ භූමියේදී පැමිණිලිකරුවන්ට, උසාවි කාර්ය මණ්ඩලයට, පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කිරීම මත අධිකරණයේ පොලිස් මුරපොළේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන

වැඩබලන මහේස්ත්‍රාත් කිත්සිරි අරඹේවත්ත මහතාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 29වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.මෙම නඩුව 29වන දින ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් පරණ ලියනගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව නැවත ජුනි මස 6වැනිදා දක්වා විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
 ඒ.ජී.වික්‍රමසිංහ