ruwanweli-seya-pickpocket

වෙසක් පොහොය දා (23දා) තම සැමියා සමඟ රුව­න්වැ­ලි­සෑය වැඳ­පුදා ගැනී­මට පැමිණි කාන්තා­ව­කගේ රුපි­යල් ලක්ෂ දෙක­කට වැඩි වටි­නා­ක­ම­කින් යුත් මුදල් සහිත පසු­ම්බි­යක් සොර­කම් කළ සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලි­යක කාන්තා­වන් දෙදෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගත් බව අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සිය පව­සයි.



මෙලෙස අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ මැද­ව­ච්චිය, කුඩා වැව ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­වන් දෙදෙ­නෙකි.

පැමි­ණි­ලි­කා­රිය සැමියා සමඟ අනු­රා­ධ­පුර පුලි­ය­න්කු­ලම ප්‍රදේ­ශයේ සිට රුව­න්වැලි සෑය වන්ද­නාවේ පැමිණ, මුදල් පසු­ම්බිය සහිත බෑගය කරේ දමා ගෙන උදෑ­සන 9ට පමණ මල් මිලදී ගෙන ඇති බව පැමි­නිල්ලේ සඳ­හන් වේ.



සෑය වන්දනා කරන අත­ර­වා­ර­යේදී බැති­ම­තුන් විශාල ප්‍රමා­ණ­යක් මළුවේ සිටි­යදී, තම අත් බෑගය පරීක්ෂා කරන අව­ස්ථා­වේදී මුදල් පසු­ම්බිය එහි නොවූ බවත් රුපි­යල් 235000ක, මුද­ලක් සහ ලිය කිය­විලි එහි තිබූ බවත් පැමි­ලිල්ලේ සඳ­හන්වේ.

ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු කර සොර­කම් කරන ලද මුදල් ද සමඟ සැක­කා­රි­යන් දෙදෙනා පැය කීප­යක් යාමට මත්තෙන් අත්අ­ඩං­ගු­වට ගත් බවත්, එම සැක­කා­රි­යන් දෙදෙ­නා­ගෙන් සිදු කළ වැඩි දුර ප්‍රශ්න කිරී­ම්ව­ලදී මීට දවස් විස්ස­කට පෙර බස් රථ­ය­කින් ගමන් කළ කාන්තා­ව­කගේ මුදල් පසු­ම්බියේ තිබූ මුදල් සහ රන් ආභ­රණ කොල්ල­කෑම ද සැක­කා­රි­යන් දෙදෙනා විසින් සිදු කළ බව අනා­ව­ර­ණය වූ බව පොලි­සිය සඳ­හන් කළේය.



අත්අ­ඩං­ගු­වට ගත් සැක­කා­රි­යන් දෙදෙනා අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි

අනු­රා­ධ­පුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී තිලින හේවා­ප­ති­රණ මහ­තාගේ උප­දෙස් මත අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ආර්. එම්. ජය­වීර මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන්, අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීහු පිරි­සක් විම­ර්ශන සිදු කර සැක­කා­රි­යන් අත්අ­ඩං­ගු­වට ගත්හ.

අනු­රා­ධ­පුර සශිනි මධු­ෂානි