school-attendance-low-rate

දිවයිනේ සැලකිය යුතු පාසල් ප්‍රමාණයක දෛනිකව දරුවන් පාසල් පැමිණීම අඩු වීම වාර්තා වන බවත්, මේ නිසා රජය මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය විසඳුම් ලබා දිය යුතු බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි. මීට පෙර වතු ආශ්‍රිත ප්‍රදේශවල හා දුෂ්කර ප්‍රදේශවල පාසල් වෙත සිසුන් පැමිණීම අඩු වී ඇති බවත්,

මේ වන විට

කොළඹ ඇතුළු තදාසන්න නගරවල පවා සිසුන්ගේ පැමිණිම අඩු වෙමින් තිබෙන බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

සමහර සිසුන් දවසක් හැර දවසක් පාසල් පැමිණෙන තත්වයට පත් ව තිබෙන බවත්, පාසල් උපකරණ මිල ඉහළ යෑම, සපත්තු හා නිල ඇඳුම් රෙදි මිල ඉහළ යෑම හා දෙමාපියන්ට පවතින ආර්ථික දුෂ්කරතා නිසා

දරුවන් පාසල්වලට පැමිණීම සිමා වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.ඊයේ(30දා) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පාසල් උපකරණ සපත්තු මිල අඩු කර දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමේ කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.
ඉන්දික හේවාවිතාරණ