seeduwa-murder-update

 කාන්තාවක ඝාතනය කොට සීදුව ලියනගේමුල්ල පෙදසේ කැලෑ පල්ලිය මාර්ගයේ දේවස්ථානයක් ඉදිරිපිට කානුවක පසුගිය 28 දිනදමා තිබු කාන්තාවගේ මරණය පිළිබඳ සැකපිට ඇගේ අනියම් පුරුෂයා ඊයේ (29දා) කිරිබත්ගොඩ ප්‍රදේශයේ සැඟව සිටියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව සීදූව පොලීසිය පවසයි. 



40 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.මොහු සීදුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවයේ නියුතුව සිටි අයෙකු බවත් ඔහු දිගු කලක් ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ අනියම් පුරුෂයා වශයෙන් සිට ඇය සමග එකට සිටි ඇති බව ව්මර්ශන වලදී අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කරයි.



මරණකාරිය ගාල්ල, නෙලුව, බටහිර බටුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි උස්ගොඩ මානගේ තිසාරා මධුවන්ති නැමති කාන්තාවක බවත් ඇය එක් දරු මවක බවත් හෙලිව ඇති අතර ඇය මීට සය වසරකට පෙර කටුනායක අයෝජන කලාපයේ සේවය සදහා පැමිණ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ජූඩ් මාවතේ තාවකාලික නේවාසිගාරයක සැකකරු සමග එකට ජීවත්වී ඇති බවද පරීක්ෂණ කටයුතු වලදී හෙළි වූ බව පොලීසිය පවසයි. සීදුව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටළුවක් මුල් කර ගනිමින් හට ගත් ආරවුලක් දුර දිග යාමෙන් ඇය මරා දමා තිබූ බව පොලිසිය මින් ඉහත අනාවරණය කර තිබුනි.

ඇය රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ සිදු වීමක් මුල් කර ගෙන මෙම පුද්ගලයා සමග ආරවුලක් ඇති කර ගෙන ඇති අතර අද (28) දින අලුයම 02.00 ත් 03.00 ත් අතර කාළයේ ඇය සහ එම පුද්ගලයා සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඉදිරිපිටින් ගමන් කරන ආරක්ෂිත කැමරා දර්ශන සීදුව පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
ඒ අනුව මෙම දේවස්ථානය ඉදිරිපිට මාර්ගය අසළ දරුණු කැපුම් තුවාල සහිතව ඇය මරා දමා තිබුණි.