
ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව (SLS) අහෝසි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. (ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB නොවේ) ඒ අනුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අන්තර්ග්‍රහණය කිරීමටත්, අනෙක් සේවකයන් සඳහා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිත සමාගමක් ලෙස 2019 වසරේදී ස්ථාපනය කෙරිණ.ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ වත්කම් හා වගකීම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පවරා ගැනීමට නියමිතය.
මෙම කාරනාවට අදාළ කැබිනට් නිවේදනය හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) නිකුත් කළ නිවේදනයක් පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval