soya-meat-fraud-nabbed

අන්තර්ජාලය ඔස්සේ පළ කරන දැන්වීම් මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් සම්බන්ධ කරගනිමින් සෝයා මිට් නිෂ්පාදන ඇසුරුම් කිරීම සදහා ඉහළ මුදලක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කර අධිකරණය මගහර්මින් සිටි වරෙන්තු 59ක් නිකුත් කර තිබී ඇති කාන්තාවක් ප්‍රදේශයෙන් පලාගොස් ජා- ඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් වශයෙන් සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව  නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

41 වැනි වියේ පසු වනසැකකාර කාන්තාව කඩවත, සූරියගම ප්‍රදේශයේ ස්ථිර වශයෙන් පදිංචිකාරියක වන අතර කුලී පදනම මත ලබාගත් නුගේගොඩ නාවල පාර නිවසේ සිට මෙම මහා  පරිමාණ වංචාව සිදුකර ඇතැයි පොලීසිය කියයි. මෙම ව්‍යාපාරය පිරමීඩ ක්‍රමයට පවත්වාගෙන යන එකක් බවට විශේෂයෙන් හඳුන්වා දී ඇති බවත්, එම ක්‍රමය අනුව ඉහළින් සිටින පුද්ගලයාට වැඩියෙන් මුදල් ලැඛෙන බවත් පවසා මෙම සෝයා නිෂ්පාදන ඇසුරුම් කිරීම සදහා භාරදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අන්තර්ජාලයේ පළ කරනු ලබන දැන්වීම් මගින් සෝයා නිෂ්පාදන ඇසුරුම් කිර්ම සදහා ලබාදීමට හැකි බවත්, එයින් විශාල ආදායමක් ඇසුරුම් කිරීමේ රැකියාවේ යෙදෙන අයහට ලබා ගැනීමට හැකි බවත් පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන් කැඳවා මුදල් තැන්පත් මත සෝයා වර්ග ඇසුරුම් කිරීම සඳහා ඇය විසින් ලබාදී ඇත. ඉන්පසු එම සෝයා වරිග ඇසුරුම් කර නැවත රැගෙන විත් ලබාදීමෙන් පසු ඊට අදාළ ඇසුරුම් කිරිම සදහා ගෙවනු ලබන මුදලද තැන්පත් වශයෙන් රදවා ගෙන ඇති බවත්, පැකට් කර රැගෙනවිත් භාර දුන් සෝයා වර්ග නැවත ඇසුරුම් ඉවත් කර

වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන්ට ලබා දී ඇති බවත් අනාවරණය වේ.රැකියාවේ යෙදෙන අයට ගෙවීමට ඇති මුදල් බැංකු ගිණුම් ඔස්සේ ලබාදෙන බව පවසා ගෙවිය යුතු මුදල් ඇසුරුම්කරුවන්ට නොගෙවා වංචා සහගත අයුරින් මගහැර කට්ටි පනිමින් සිටියදී මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් අනතුරුව ඇප මත නිදහස්ව සිටි කාන්තාවක් බව අනාවරණය වේ.

අත්අඩංගුවට පත් කාන්තාව සිදුකර තිබූ රුපියල් කෝටි ගණනක වංචාව සම්බන්ධයෙන් නුගේගොඩ අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් තිබූ බවත්, එම නඩු විභාගවලට මුහුණ නොදී වංචා සහගත අයුරින් පුදේශයෙන් පැනගොස් ජාඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් වශයෙන් රැකියාවේ යෙදෙමින් සිට ඇති බවත්, විභාග වෙමින් පැවති නඩු කටයුතු සඳහා ඉදිරිපත් නොව්ට හේතුවෙන් වංචාකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තු 29ක් හා දින වරෙන්තු 30ක් නිකුත් කළද එයද නොතකා සම්බාහන වෘත්තියේ යෙදෙමින් සිටි බවත් පොලීසිය පැවසීය.

බිමල් ජයසිංහ